💋 33 💋

241 29 35
                                    

සනුලි අත තිබූ කෝපි කෝප්පය මේසය මතින් තැබුවා. වායුසමනය කර තිබුණත් කොෆී ශොප් එක මොකද්දෝ නුපුරුදු උණුසුමකින් වෙලීයන බව ඇයට තේරුණා. කෝපි කෝප්පය කිසිවක් නොවූ ගානට තමන් දෙස බලා හිනැහෙනවාදැයි ඇය හොරැහින් බැලුවේ සත්‍යාගේ ඇස්වලින් මිදෙන්න උත්සහ කරමින්.

" අක්කා කවදා හරි මේ ගැන කතා කරයි කියලා මම දැනගෙන හිටියා" ඇය අවසානයේ හිත හදාගෙන කතාවට අවතීර්ණ වුණා.

" අක්කා අහන්නෙ සර්ගෙයි මගෙයි අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා ද කියලා වෙන්න ඕනෙ"

" ඔව් නංගි, මම අහන්නෙ ඒක, මොකද මගෙ යුනිට් එකේ නංගිලා ගැන මට යම් ප්‍රමාණයක වගකීමක් තියෙනවා කියලා මම හිතනවා. මගෙ සර්විස් එක අවුරුදු එකොළහක් , ඒ කාලෙ පුරා මම අහපු දැකපු දේවල් එක්ක කවුරු හරි අමාරුවෙ වැටෙන්න යද්දි බේරගන්න එක මගේ යුතුකමක්."

" අක්කා කියන කතාව ඇත්ත. අක්කගෙ අත්දැකීම් එක්ක අක්කා මම ගැන වොරි වෙන එක සාධාරණයි "

" මම කැමති නෑ නංගි කවුරු වුණත් දැන දැන විඳවීම තෝරගන්නවට. හැබැයි ඒ තෝරගැනීම ඒ කෙනාගෙ පැත්තෙන් සාධාරණ වෙන්න පුලුවන් බවත් මම දන්නවා. මොකද මම ඒ අයගෙ අඩි පාරෙ එයාලා එක්ක ගිහින් නැති නිසා."

" අක්කා, මට මම ගැන කියන්න බැරි දේවල් ගොඩක් තියෙනවා , සමහර විට සර්ටත් එහෙම ඇති. ඒත් මොකද්දෝ හේතුවකට අපි අපිටම උදව් කරගන්න තැනක් ආවා. ඒ නිසා යාලුකමට එහා ගිය, ආදරේ කියන එකට මෙහායින් නැවතුන මොකද්දෝ තැනක අපි නතර වෙලා ඉන්නෙ"

" ඒකනේ මම කිව්වෙ , හැමෝගෙම අපි නොදන්න කතා තියෙනවා කියලා. ඔයාලා නතර වෙලා ඉන්න තැන ඔයාට හිත් වේදනාවක් දෙන්නෙ නැත්තම් එච්චරයි , ඒ වගේම ඔයාලා නතර වුණතැන නිසා වෙන කිසිම පාර්ශවයක් අගතියට පත් වෙන්නෙත් බැහැ හැබැයි "

" එහෙම අගතියට පත් වෙන්න පාර්ශවයක් ඉතුරු වෙලා නෑ අක්කා අපි දෙන්නටම"

" මම ඔයාලව ජජ් කරන්නෙ නෑ. මට බය ඔයාට අන්තිමට දුක් වෙන්න වෙයි කියලා විතරයි නංගි. හැමතැනකදිම අන්තිමට විඳවන්නෙ කාන්තා පාර්ශවය. ඔයාට ඕනෙ වෙලාවක ඕනෙ දෙයක් ගැන මට කතා කරන්න."

❤ Burgundy  ❤ ReuploadingOpowieści tętniące życiem. Odkryj je teraz