වර්තමානය
" නංගි, මම ඇවිත් ඉන්නෙ ගේට් එක ළඟ." සත්‍යා ඉතාම උද්‍යෝගයෙන් සනුලිට දුරකතන ඇමතුමක් ලබාදුන්නා." ආ හරි අක්කා, මම එන්නම්." ඇය එසේ කියමින් සයිඩ් බෑග් එක අතට ගත්තා.
ගේට්ටුව විවර කරගෙන එළියට එන ඇයව පිළිගන්නට මෙන් සත්‍යා හෙඩ් ලයිට් එක දෙවරක් දැල්වූවා. සිනාවක් මුව රඳවාගෙන සනුලී වාහනයේ ඉදිරිපස අසුනට ගොඩ වුණා.
" නංගි එයි කියලා මට නම් ෂුවර් එකක් තිබ්බෙම නෑ ඉතින්"
" එන්න කම්මැලි කමක් තිබුණා අක්කා. ඒත් අන්තිමට හිතුනා, මෙහෙ ඉන්න ටික කාලෙට සතුටින් ඉන්න ඕනෙ කියලා."
" අම්මෝ, ඒක හිතුන එකම කොච්චර දෙයක් ද නේද? අපි නංගි මේ බොසා එන්න කලින් මාරම ෆන් එකේ හිටියා. ඩියුටි වෙලාවට ඩියුටි, ඒ වුණාට අනෙක් බාහිර වැඩ අපි ගානට බැලන්ස් කළා. යුනිට් පාටි, යුනිට් ට්‍රිප්, මළගෙවල්, මගුල් ගෙවල්, දානමාන, බණ අහන සෙට් එක නම් සිල් ගන්නත් යනවා එකතු වෙලා. ඒවා ගානට කරගන්න, ලීව් ගන්න, ඩියුටි කවර් කරන්න, මාරු කරන්න හැමදේම ලස්සනට වුණා. දැන් මේ තියෙන ස්ට්‍රෙස් එක නිසා කවුරුත් වැඩිපුර ඩියුටි එන්න කැමති නෑ"
" මම ඇවිත් තියෙන්නෙ වැරදි කාලෙ නේද අක්කා..." සනුලි කිව්වා.
" හ්ම්, බලමුකො, සර් ඉක්මනට යාවි පිටරට, එතකොට අපිට සතුටින් වැඩ කරන්න පුලුවන් "
" ඉක්මනට ගියොත් හොඳයි, ඇත්තටම මාර ස්ට්‍රෙස් බැනුම් අහන එක."
" ඒකනෙ, මට දුකයි ඔයා ගැන, අලුතින් ඇවිත් වාත වෙද්දි, ඒත් අත අරින්න එපා. මම කැමති නෑ ගේමක් නොදී අත අරින අයට. මොකද ඔයා අත උස්සලා රස්සාවට ආවා නෙවෙයිනෙ." සත්‍යා එසේ කියන අතරේ වට රවුමකින් දකුණට වාහනය ධාවනය කළා.
" ඒක තමා අක්කා. වැඩ කරද්දිනෙ අපිත් ට්‍රේන් වෙන්නෙ. අනික මම කලින් හිටිය තැන ඕපීඩී ක්ලිනික් තමා වැඩිය කළේ."
" එයාට තේරෙන්නෙ නෑ නංගි ඔය ප්‍රැක්ටිකල් දේවල්, පොත් ගුල්ලෙක්ද කොහෙද...ආ ඔන්න අපි ආවා... කට්ටියම ඇවිත් වගේ..." ඇය කීවෙ පාර්ක් එක අරක්ගෙන සිටින වාහන සේනාව දෙස බලමින්.
.
.
.
.
.
සනුලි සැරසී සිටියේ කළු පාට ලෙගින් කලිසමකින් සහ අළු පාට අත් නැති කුර්තාවකින්. කෙටි කෙස් වැටිය ලස්සනට පැත්තට පීරලා, අළු පාට drop ear rings දෙකක් දාලා හිටිය ඇය තොල් ආලේපන වෙනුවට අවර්ණ ලිප් බාම් එකක් පමණක් භාවිතා කර තිබුණා. කාලයකට ඉහත පාවිච්චි කළ වෙජ් අඩියක් තිබුණ කළු සපත්තු යුගලය ඇය කවරයෙන් ඉවත් කර අතට ගත්තෙ දෙගිඩියාවෙන් වුණත් අවසානයේ තමන්ගෙ රුව කණ්ණාඩිය හරහා දකිද්දි ඒ සපත්තු දෙක තරම් ගැලපෙන පාවහන් යුගලක් ඒ ඇඳුමට නැති බව ඇය පසක් කරගත්තා.
YOU ARE READING
❤ Burgundy ❤ Reuploading
Romance" ඇයි මේ පාට?" " මේකට කියන්නෙ burgandy කියලා" " මොකද්ද ඒකෙ තේරුම?" " තේරුමක් තියෙනවා , ඒත් ඇයි සර් හැමදේකම තේරුම හොයන්නෙ?" නිහඬයි... ආයෙත් නිහඬයි... Start date 19/06/2023 End date 17/09/2023