💋 07 💋

334 46 28
                                    

" දුව එහෙනම් පරිස්සමින් ගිහින් එන්න. මේ පීරිස්, අපේ ලේන් එකේම කෙනෙක්. එයා ඔයාව පරිස්සමින් එක්ක යාවි. වැඩ ඉවර වුණාම කෝල් එකක් දෙන්න. පීරිස් ඇවිත් දුවව ගනී" ජයන්ත එහෙම කිව්වෙ ත්‍රී රෝද රථයේ රියදුරුව හඳුන්වා දෙන අතරෙ.

" හරි අංකල්, එහෙම කරමු, මම ගිහින් එන්නම්. " සනුලි එහෙම කියලා ත්‍රී රෝද රථයට ගොඩ වුණා. අටහමාරට රෝහලට යන්න ඇය තීරණය කළේ , උදෑසන ඇය ගියත් කාර්‍යාලය විවෘත වී කටයුතු නිසි පරිදි ඇරඹෙන්නෙ අට පහුවෙලා බව දන්න නිසා.

රාජකාරියට සාරිය ඇඳීම අනිවාර්‍ය අංගයක් නොවුණත්, අලුත් තැනකට වැඩ බාරගන්න යන නිසා ඇය සාරියක් අඳින්න තීරණය කළා. ඇය සැරසුන අත් රහිත හයිනෙක් සාරි හැට්ටය, තද නිල් පැහැ එකක්. ඇගේ සාරිය තද නිල්පාට පසු බිමේ සුදු පාටින් රටාවක් වැටුණ චාම් සාරියක්. පිළිවෙලට නවලා අයන් කරගත් සාරි පොට ලස්සනට රැලි තියලා ඇය හැඳ සිටියා.

පත්වීමේ ලිපිය රැගත් ෆයිල් කවරය එක අතකිනුත් අනෙක් අතින් ඇගේ අත් බෑගයත් රැගෙන ඇය නිවසින් පිට වෙද්දිම ශ්‍රියා ඇගෙ අතේ තිබ්බෙ කිරිබත් පාර්සලයක්.

" දුව උදේට කන්න බැහැ කිව්ව හින්දා මම බත් එක ඔතලා ගෙනාවා. විවේකයක් ලැබුණම කන්න." ඇය එසේ කිව්වෙ සනුලිගේ අතින් අල්ලගෙන.

" තෑන්ක්ස් ආන්ටි. මම කන්නම්." ඇය එහෙම කියලා ගේට්ටුව ළඟට යනවිටත් ජයන්ත ත්‍රී රෝද රථයේ රියදුරු එක්ක කතාවක...
.
.
.
" ඩොක්ටර් කොතනින් ද බහින්නෙ, ඇම්බියුලන්ස් ගහන තැනින් ද, අනික් පැත්තෙන්ද?"

" අන්කල් ට පහසු තැනකින් දාන්න, මම ඇතුළට ගිහින් ඔෆිස් එක හොයාගන්නම්"

අවසානයේ ඇය රෝහල තුළ විනාඩි දහයක් පමණ එහා මෙහා ඇවිදීමෙන් අනතුරුව රෝහලේ පරිපාලන කාර්‍යාලයට ගොඩ වැදුනා.
.
.
.
" designated post එකක් ( නම් කළ තනතුර)  නෑනෙ ඩොක්ටර් ගෙ ලියුමෙ. මම ඩිරෙක්ටර් සර්ගෙනුයි, ප්ලෑනින් යුනිට් එකෙනුයි අහලා බලන්නම් පුරප්පාඩු තියෙන තැන් මොනවද කියලා" එහෙම කිව්වෙ ඇගේ ලියුම අතට ගත්ත සබ්ජෙක්ට් ක්ලාක්.

අවසානයේ දුරකතන ඇමතුම් කිහිපයක් ගත් ඇය කියා සිටියේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) පුරප්පාඩුවක් ඇති බවත් ඇයව ඊට අනුයුක්ත කරන ලෙස බලධාරීන් දැනුම් දුන් බවත්.

❤ Burgundy  ❤ ReuploadingDonde viven las historias. Descúbrelo ahora