💋 08 💋

39 2 0
                                    

" අද මොකද වුණේ?"

" ලොකු ප්‍රශ්නයක් නම් නෑ අයියා. ටිකක් පාඩම් කරන්න වෙනවා" සනුලි කිව්වෙ රාත්‍රී ආහාරයෙන් පසුව තම සොහොයුරා අමතමින්.

" චූටි, ඔයාට ඕක කරන්න බැරි නම් ගෙදර එන්න. "

" ඇයි අයියා එහෙම කියන්නෙ. කිසිම ප්‍රශ්නයක් වුණේ නෑනෙ"

" ඊයෙ වන්දනාවෙ ගිහින් මොකක් හරි වුණාද?"

" ආ රවිඳු අයියට ආන්ටි කියලා නේද?"

" හ්ම්, මොකද වුණේ ඇත්තටම ?"

" වැව ළඟ මනුස්සයෙක් හිටියා, බියර් කෑන් එකකුත් තියාගෙන"

" ආ... ගොඩක් අවුල් වුණාද?"

" නෑ, පොඩ්ඩක් අප්සට් ගියා. ඒත් ඉක්මනට නෝමල් වුණා"

" චූටි, දරාගන්න බැරි දේවල් බලෙන් දරාගන්න යන්න එපා. ඔයා ඔයාවම විනාස කරගන්නවා ඒකෙන්. ඔයාට තව කල් ඕනෙ"

" නැහැ... මට ඉක්මනට ආයි හිටිය තැනට එන්න ඕනෙ. මම කොහොම හරි ඒක කරනවා"

" අනේ මන්දා බං... අම්මට කිව්වෙ නෑ මං."

" එහෙම අම්මට කියන්න තරම් දෙයක් වුණේ නෑ අයියා. ආ... මට සති දෙකක් හොඳටම බිසී. ඒ නිසා ගෙදර නම් එන්න වෙන්නෙ නෑ"

" එහෙමද? එක අතකට පාඩම් කරන එකත් හොඳයි. අමතක වෙනවනෙ අනෙක් ප්‍රශ්න. ඔයාට කෝල් එහෙම ආවෙ නෑ නේද?"

" නෑ අයියා. මම තියන්නම් එහෙනම්" ඒ එක්කම ඇය ඇමතුම විසන්ධි කළේ අකමැති මාතෘකා මග හරින්නම හිතාගෙන.

ඇය අසුන් ගෙන සිටියේ මිදුලේ තිබුණ කොහොඹ ගස යට තිබූ ගල් බංකුවේ. ගමනාන්තයක් නොදැන ඔහේ පාවෙන සුළං රැල්ලක් ඇවිත් තිත්ත කොහොඹ පත් සිප ගනිද්දි ඇහුණෙ සියුම් සංගීතයක්. අමාවක දවසක් නිසාම තරු වඩා පැහැදිලිව අහස සරසලා තිබුණා.

සනුලි ඔහේ බලා සිටියේ කොහොඹ පත් අතරින් පෙනුන අහස දිහා. ඇගේ දැහැන බිඳුනේ දුරකතනයෙ හඬින්.

ඒ වෙද්දිත් චැට් ගෲප් එකට pdf ගොනු දහයකට වඩා පැමිණ තිබුණා. එකින් එක විවෘත කර බැලූ ඇය තේරුම් ගත්තේ ඉදිරි දින කිහිපය නිදිමරාගෙන පාඩම් කරන්න වෙන බව.
.
.
.
.
" You people are useless , haven't you done your gynae appointment yet? Get out and read about this case" ( ත* මුසෙලා කිසි වැඩකට නෑ. නාරිවේදය වාට්ටුවක පුහුණුව කරලම නැද්ද? එළියට ගිහින් කියවගන්නවා)

❤ Burgundy  ❤ ReuploadingDonde viven las historias. Descúbrelo ahora