💋 09 💋

373 42 44
                                    

සනුලි බෙහෙත් කාඩ් එක බෑගයට දමා ගනිමින් ම කාමරයෙන් පිට වුණා. ඒ එක්කම අවුරුදු දෙකක පමණ දරුවෙක් අත දරාගෙන හඬාගෙන ආ අම්ම කෙනෙක් ළඟ ඇය නතර වුණා. දරුවාට ෆිට් එක සෑදුණ බව ඇය හඬමින් පැවසුවේ දරුවාව කෙලින් අතට වඩාගෙන ඉන්න අතරෙ. ඒ වෙද්දිත් දරුවාගේ අතපය දරදඬු වෙලා, ඒ වගේම ඇඟත් ගිනි කබල වගේ රස්නෙයි.

"අම්මා ඉක්මනට බබාව ඇඳකට දාන්න" එසේ කියූ සනුලී වහාම ඇඳට දැමූ දරුවා වම් ඇලයට හරවා අල්ලාගත්තා. ඒ එක්කම එහි ආ මහෙන්ස දරුවාට ඔක්සිජන් මාස්ක් එක දාන අතරෙ මවගෙ කරුණු විමසුවා. ෆිට් එක විනාඩි පහළවක් පැවති බවත්, දරුවාට උණ වැළඳී ගෙවෙන්නෙ තුන්වන දවස බවත් ඇය කියා සිටියා.

" කැනුලා එකක් දාලා count*, electrolyte* , CRP* ගන්න. ඒ ගමන් CBS** එකකුත් බලන්න. Diazepam* ගේන්න." ඔහු වේගයෙන් කියාගෙන ගියා.

" what is the dose?" ( මාත්‍රාව කීයද?) ඒ ඇහුවේ සනුලිගෙන්.

" I... I couldn't read Sir" ( මට... මට කියවන්න බැරිවුණා සර්)

" what the ****, get out and read. ( මොන ***** එළියට ගිහින් කියව ගන්නවා) අම්මා බබාගෙ බර කීයද?" එසේ ඇසූ ඔහු දිය යුතු ඖෂධ ප්‍රමාණය ඒ අනුව පැවසුවා.

සිදු වුණේ කුමක්ද කියා කල්පනා කරන්නත් පෙර ඇය නිහඬවම හදිසි ප්‍රතිකාර ඒකකයේ දොරින් පිට වුණා. සේවයට පැමිණ දෙවන දිනයේම මෙවන් අභාග්‍යයක් සිදු වනු ඇතැයි ඇය සිතුවේ නැහැ. ඒ හඬා වැටිය යුතු අවස්තාවක්... ඒත් ඇයට හඬන්නට තරම් කඳුළු ඉතිරිව තිබුනේ නැහැ. ඇය නිහඬවම කොරිඩෝව දිගේ ඇවිද ගියේ විවේකාගාරය වෙතට. මින් පෙර නොදුටු මුහුණු කීපයක් ඇය දෙස ඕනෑ කමින් බලන බව ඇයට දැනුනත් ඇය නිහඬවම එහි වූ සෝෆාවකට බර දුන්නා.

" නංගි අලුතින් ද? කලින් දැකලා නෑනෙ ඔයාව" ඇයට වඩා වසර කිහිපයක් ජේෂ්ඨ බව පෙනුන කෙනෙක් එහෙම ඇහුවා.

" ඔව් අයියා, මම ETU එකට අලුතින් ආවේ"

" අම්මෝ, බොස් වාතයිලු නේ"

ඇය සිනාසුනා පමණි, මේ තමන් සිටින්නෙද ඔහුගේ දඬුවම විඳිමින් බව කියන්නට තරම් ඇයට ඒ අවස්තාවේ ශක්තියක් තිබුණේ නැහැ.

ඒ එක්කම ඇයට ලැබුණ දුරකතන ඇමතුමට ඇය පිං දුන්නෙ ඒ සංවාදට අවසාන කරන්නට එය රුකුලක් වූ නිසා.

❤ Burgundy  ❤ ReuploadingOnde histórias criam vida. Descubra agora