"ඕවයෙ අපි යන්නේ නැහැ මැණිකේ.ඔය කීයක් හරි මැනුවෙල්ගේ අතේ යවන්නයි තියෙන්නෙ.තෑග්ගක් හරි ප්රශ්නයක් නෑ.මැණිකෙ සුදුසුදෙයක් බලලා කරලා මැනුවෙල්ගෙ අතේ යවන්න. ඕකුන්ගෙ ගුබ්බෑයම් වල අපට රිංගන්න පුළුවන් කියල යෑ"
මහමුදියන්සේ ලොකු මැණිකෙට කරුණු පැහැදිලි කරලා දුන්නෙ කුලමාන්නෙ නිසා උදුම්මව ගෙන ඉදපු ඔළුවෙන්.වලව් මාන්නෙ උත්පත්තියෙන්ම හිස් මුදුනෙ තියාගෙන ඉපදුනු මහමුදියන්සේ ලොකු මැණිකෙට කරුණු පහදද්දි,ඊට එහා පැත්තෙ ඉදපු සේනාධිනායක මුදලිත් ඒකට හිටු කියලා උල්පන්දම් දුන්නා.
"තෑගිබෝග මොකටද මුදියන්සෙ?ඔය කීයක් හරි වැඩ කාරයෙක්ගේ අත යැව්වා නම් මදෑ"
සේනාධිනායක මුදලි කිව්ව දේට හිස විතරක් සොලවපු මහමුදියන්සේ එහෙමම තමන්ගේ ඇඳි පුටුවට හිස තියාගත්තෙ මදක් අමනාපෙන්.තමන්ගේ බිරිඳගෙ වැඩිමල් සහෝදරයා උනාට මහමුදියන්සේට සේනාධිනායක මුදලි කියලා කියන්නේ රුස්සන්නෙම නැති මිනිහෙක්.මුවින් නොබැණ උන්නට මොකෝ මහා මුදියන්සේගේ මුළු හිතම මහා නොසරුප් වදන් වලින් සේනාධිනායක මුදලිතුමාව දකින දකින වාරයක් ගාණෙ පිරිලා යනවා.
බිරිඳට දීලා තියෙන ගෞරවය නිසා සේනාධිනායක මුදලි මෙහි නතර වුණු එකට මුකුත් නොකිව්ව මිසක මහමුදියන්සේ සේනාධිනායක මුදලිව වලව්වෙ නවත්තගත්තෙ හිත හොඳකින් නම් නෙවෙයි.ඒ නොහොඳකම නිසාම මහමුදියන්සේ මේ ටික දොහේ ම තමන්ගේ ව්යාපාර වැඩ වලට වැඩි වැඩියෙන් යෙදෙන්න ගත්තෙත් ඒක උලුප්පලා වලව්වට නෑවිත් ඉන්න පුළුවන් වෙන හින්දා.ඔන්න ඔය හේතුව නිසාම වෙන්න ඇති කොයි දේත් හොඳ හැටි පේන මහමුදියන්සේ තියුණු ඇස් වලට නේත්රත් එක්ක හරි හරියට ඇලෙන ගැලෙන සුදු බේබිබවත්,වත්තෙ සේවකයෙක් වුණු කරූ එක්ක මොකක්ම හරි අටමංගල්ලෙකට අර අඳින සේනාධිනායක මුදලිවවත් අහු වුනේ නැත්තෙ.
YOU ARE READING
නිවාලන්න මා...
Fanfiction"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්ර ආසයිනෙ"...