"රත්තරනේ,එලියට ආවනම්.නැකත හරි මයෙ අම්මා"
හිමිදිරි උදෑසනක නිර්මලාගෙ කටහඩ ඇහුණු නේත්ර තමන්ගෙ ඉස්කෝලෙ අරගෙන යන බෑග් එකත් උස්සගෙන ගෙදර දොරෙන් කකුල එලියට තිබ්බෙ දකුණු දිශාව බලාගෙන.උදේ හය හමාර විතර වෙලා තිබුණු ඒ මොහොතෙ මුළු නුවරම පැතිරිලා තිබුණේ හීතලක්.
කොහොමත් හීතල නුවර දෙසැම්බර් මාසෙ වෙද්දි තව ටිකක් හීතල වෙද්දි උදේ පාන්දරවල් වල ගමේ හැම මනුස්සයෙක්ම පාහේ අදින ඇදුම උඩින් තව සාළුවක් දවටගෙන හිටියා.ඉස්කෝලෙ යන්න තියෙන නිසා සීතලේ උනත් එලියට බැස්ස නේත්රගෙ මූණ ලස්සන හිනාවකින් ඔප වැටුණෙ මේ හිමිදිරි පාන්දර තමන්ගෙ වාසනාව ලබා දෙන සුභ මුහුර්ථ දෙකම තමන්ගෙ ඇස් ඉස්සරහ ඉන්නවා දැකලා.
වතුසුදු මල් දාලා තිබුණු වතුර වීදුරුවක් අතේ දරාන හිනා වීගෙන උන්නු නිර්මලාගෙ පිටිපස්සෙන් ගැටපිච්ච මල් මිටක් දෝතින් දරාගත්තු ආශව රැදිලා හිටියා.නිර්මලාගෙයි ආශවගෙයි දෙන්නගෙම ආදරේ පිරුණු ඇස් එල්ල වෙලා තිබුනෙ ගෙදරින් එලියට බහින නේත්ර දිහාවට.හිනා වීගෙනම නිර්මලා ලගට ආව නේත්ර ආශව දිහා බලලා හිනා වෙද්දි ලා රෝස පාටක් ගත්තු නේත්රගෙ කම්මුල් තද රෝසපාටකට හැරුණා.නිර්මලාගෙ අතේ තිබුණු වතුර වීදුරුවෙන් වතුර උගුරක් බිව්ව නේත්ර එහෙම්මම ආශවගෙ අතේ තිබ්බ මල් ටික තමන්ගෙ අතට අරගෙන මිදුලෙ තිබුණු පුංචි බුදු කුටියට පූජා කරලා ඒ පහන පත්තු කලා.
"මයෙ අම්මට ජයෙන් ජයම වෙන්න ඕනි රත්තරනේ"
නිර්මලාගෙ පය පාමුල දණ ගහලා වැන්ද නේත්රව නැගිට්ටවලා පපුවට තුරුල් කරගෙන ආශිර්වාද කරපු නිර්මලා නේත්රගෙ නලල තද කරලා ඉම්බා.නිර්මලාගෙන් ඈත් වුණු නේත්ර හෙමින් සැරේ ආශව ලගග ගිහින් ආශවගෙ කකුල් දෙක ලග නැවුනත් පුරුදු විදියටම නේත්රව තමන්ගෙ අත් දෙකෙන් අල්ලලා නැගිට්ටෙව්ව ආශව එහෙම්මම නේත්රව තුරුල් කරගත්තා.
"නේත්රට පුලුවන්.මම දන්නවා ඒක.බුදු සරණයි"
YOU ARE READING
නිවාලන්න මා...
Fanfiction"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්ර ආසයිනෙ"...