"තෙවින් අයියා!!!!"
"කවුද සිගිති? ඔයා දන්නවද මේ ලමයව?"
"ඔව් අප්පච්චි.....මේ දෙවින් අයියගෙ මල්ලි"
"සිංහවංශ මහත්තයලගෙ?"
"ඕ අප්පච්චි"
"කෝ ඔය දොර හොදට අරින්න සිගිති....මේ ලමයව එලියෙන් තියන්නයෑ අපි"
තෙවින්ව වාරු කරගත්තු සිංහවංශ මහත්තයා ගේ ඇතුලට ඇවිදගෙන එද්දි දිවාෂ දඩි බිඩි ගාලා දුවලා ගිහින් ගෙදර දොර හොදට ඇරියා.ඇගම පණ නැතිව වගේ ඉදපු තෙවින්ව බොහොම අමාරුවෙන් වත්තම් කරගත්තු ආරියසිංහ මහත්තයා ගේ ඇතුලට එද්දි කුස්සියට දුවගෙන ගිය ජානකී නෝනා වතුර වීදුරුවකුත් අරගෙන දුවගෙන සාලෙට ආවා.තෙවින්ව පරිස්සමින් සෝෆාවෙන් හාන්සි කෙරුව ආරියසිංහ මහත්තයා ජානකී නෝනා අරන් ආව වතුර වීදුරුවෙන් තෙවින්ගෙ මූණට වතුර ටිකක් ඉස්සා.
"ය්....යු.....යුගාන්........"
"සිගිති,ඔයාට නේද මේ කතා කරන්නෙ? පොඩ්ඩක් ඔයා ලං වෙලා කතා කරන්න බලන්න.මේ ලමයා මොකක් හරි ප්රශ්නෙක ඉන්නෙ"
ආරියසිංහ මහත්තයා එහෙම කියන ගමන් තෙවින් ලගින් ඈත් වෙද්දි දිවාෂ ගිහින් තෙවින් ලගින් ඉදගත්තා.තෙවින්ගෙ මූණෙ තිබ්බෙ පුදුමාකාර තෙහෙට්ටු පාටක්.ඒ ඇස් යට කලු වෙලා ගිහින් තිබ්බා වගේම මූණෙ පැත්තක තැල්මකුත් තිබ්බෙ කොහෙ හරි වැදිලා වගේ.දිවාෂ කිට්ටු වෙලා හෙමීට තෙවින්ගෙ ඔලුවට අතක් තිබ්බා.දිවාෂගෙ ස්පර්ශෙත් එක්ක තෙවින්ගෙ පියවිලා තියෙන ඇහැකින් කදුලක් වැටෙද්දි දිවාෂ දිගින් දිගටම තෙවින්ගෙ ඔලුව අතගෑවා.
"තෙවින් අයියේ........"
නේත්ර ලගදි ඇරෙන්න ජීවිතේ පලවෙනි වතාවට දිවාෂගෙ කටහඩ වෙන මනුස්සයෙක් වෙනුවෙන් ආදරණීය උනා.දිවාෂට තිබ්බ ලොකුම ප්රශ්නෙ තෙවින්ගෙ රූපෙ.තමන්ගෙම අයියා වගේ ඉන්න දෙවින්ගෙ රූපෙම තෙවින්ටත් පිහිටලා තියෙද්දි ඒ රූපෙ මෙහෙම දුක් විදින් හැටි දිවාෂට බලාගෙන ඉන්න බැරි වුණා.තමන්ගෙ ඔලුව අතගාන දිවාෂගෙ අත උඩින් තමන්ගෙ අත තිබ්බ තෙවින් හයියෙන් අඩන්න ගත්තා.
YOU ARE READING
නිවාලන්න මා...
Fanfic"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්ර ආසයිනෙ"...