Proposal!?!?!?!?

254 12 0
                                    

NAVYA

"No අම්මා please.
විහිලු නම් කරන්නෙපා...ඇත්-" පුරුදු විදියටම අම්මා ආයෙත් මගේ කතාවට බාධ කරා...මං දන්නෑ මෙයාලා මේ වගේ වැඩ කරල මොකක්ද ගන්න සතුට කියලා...මොන වගේ idea එකක් හිතේ තියාගෙනද අරූ වගේ එකෙක්ට මාව බන්දන්න හදන්නෙ.උන් proposal ගෙනාවත් හරි,මොකටද මෙයාලා මගෙන් අහන්නෙවත් නැතුව හා කියන්නෙ.
Shit Shit Shit.!!!

"විහිලු නෙමෙයි නව්‍යා..මම මොකටද බොරු කියන්නෙ..දයාල් අංකල්ලා මේ විදියට proposal එකක් ගෙනාවෙ අපේ නැති වෙලා තිබුණ bond එක ආයෙ build up කරන්⁣නනෙ.අනික තාත්තායි මමයි කොයිම වෙලාවකවත් ඔයාට නරකක් හිතන්නෙ නෑනෙ නව්‍යා..මෙච්චර කාලයක් ඔයා ඔයාට ඕන දේවල් කරා..දැන්වත් මමයි තාත්තායි කැමති විදියෙ එක දෙයක් කරන්න.අනික සචිත්‍ර කියන්නෙ අපි නොදන්න කොල්ලෙක් නෙමෙයිනෙ...ඔයා මෙච්චර මේක මග අරින්නෙ ඔයාගෙ හිතේ කෙනෙක් ඉන්නවාවත්ද? " අම්මා කට කොණකට හිනාවක් ගන්න ගමන් කිව්වා..

"පිස්සුද අම්මා ඔයාට.එහෙම හිටියා නම් නොකියා ඉන්නවද මම.මට දැන් 27ක්!!මමත් දන්නවා මම ඉන්නෙ කසාද බඳින වයසක කියලා..ඒත් අම්මා seriously?That man?" එ වෙලෙ මගේ මූණේ තිබ්බෙ මාරම විදියට disappoint වෙච්ච මූණක්.!!
අනික අර වචනේ,
'නොදන්න' ඒක තමයි අම්මෙ වචනෙ;දන්නවා නම් ඇයි ඒ වගේ සතෙක් එක්ක මාව තියන්න හදන්නෙ?අම්මා දන්නවානෙ ඌ නිසා අක්කාට වෙන්න ගිය දේ....එහෙම වෙලාත් අම්මලා මේවා අමතක කරලා තව 'මගෙයි' උගෙයි කසාදයක් තීන්දු කරන්නෙ කොහොමද මගෙන් අහන්නෙවත් නැතුව..!!" මම මං වෙනුවෙන් කතා කරන්න ගත්තා..

"එහෙනම් ඉතින් කලබල වෙන්න දෙයක් නෑ....ඔයා court එකේ දාන සද්ද මෙහෙ දාන්න බෑ හරිද චූටි දූ?ඔයා එතන ගිහින් සද්දෙන් කෑගෑවට මෙතන ගෙයක් විදියට තියෙන්න ඕන.!!"
Shit.අම්මට තද වෙලා..මං දැන් මොකද කරන්නෙ?
ඔව්,අහක බලාගන්නවා..ඒ ඇරෙන්න මොනවා කරන්නද ඉතින් මං.

"ඔයා හරියට කතා කරන්නෙ අපි ඔයාව බලෙන් පෝරුවට නග්ගලා වගේනෙ.මේක නිකන් gathering එකක් විතරයි..සචිත්‍රත් මේ ගැන කොහොම react කරයිද,එහෙම නැත්නම් කරලද දන්නෑ..මොකද මේක ඒ ළමයා කරපු proposal එකක් නෙමෙයිනෙ..අක්කාටවත් මං මේ ගැන කිව්වෙ නෑ..⁣ඔයා කියන්නත් එපා දැන්ම.කොහොම නමුත් අද වේලාසන ගෙදර එන්න..තාත්තායි මායි බඩු ගන්න යනවා..ඔයාටත් ඇඳුමක් ගමු ඒ යන ගමන්.
අනිත් කාරණාව.හෙට අරවා මේවා කියලා එලියට පනින්න බෑ ඔයාට,මොකද හෙට සෙනසුරාදා.." මගෙන් උත්තරයක්වත් ගන්නෙ නැතුව අම්මා කාමරෙන් එළියට ඇදෙන විදිය බලාගෙන ඉන්නවා ඇරෙන්න මට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ..
ඇත්තටම මේක දෙයියෝ දෙන ආතල් එකක්ද?මගෙ අක්කාව almost මරපු එකාට මාව බන්දලා දෙන්න.!?කසාදෙ දවසෙම මාව මරලා දායි මේ යකා..අනික මං මූව එදායින් පස්සෙ දැකලාත් නෑ..

Half Love,Half arranged. || SinhalaWhere stories live. Discover now