"Sorry"

98 8 0
                                    

Navya

"මේහ්,මෙන්න මේක ගිහින් අල්ලන්න" fridge එකේ තියලා තිබුණ කේක් එකයි බිස්කට්නුයි එක්ක එයාම හදපු තේ ටික තියලා තිබුණ tray එක මගේ අතට දීලා අක්කා කිව්වා.

"මම....?අනේ මට බෑ..." මම අදිමදි කරා..

"මේහ්,පිස්සු නටන්නෙපා...යනෝ යනෝ..මාව ඉල්ලගෙන ආපු ගමනක් නෙමෙයිනෙ මේක." අක්කා මාව ඉස්සරහට තල්ලු කරා..මමත් ඉතින් එහෙම්ම ම ගිහින් හැමෝටම තේ ඇල්ලුවා..

"අනේ මෙන්න මෙයා මෙහේ..අයියා ගියානෙ උඩට!!" මහිරා බිස්කට් ⁣එකක් දෙකක් නෙමෙයි හයක් ම අතට ගන්න ගමන් කිව්වා..එවෙලෙ ආෂා ඇන්ටිගෙ මූණ බලන්න තිබුණේ..ලැජ්ජාවටයි තරහටයි දෙකටම මූණ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා..ඇස් ගිනි ගන්නවා..
'සචිත්‍ර!?උඩට!? ඒ කියන්නෙ මගෙ කාමරේට.!?ඉවරයිනෙ ඉතින්..' මම හිතින් හිතුවා..

"අනේ ඇත්තට!මමත් හිතුවෙ මෙයා උඩ ඇති කියලා..මෙයා මෙහෙනේ...
නව්‍යා,යන්න තාත්තායි දයාල් අංකල්නුයි office එකේ..ඒ දෙන්නටත් තේ දීලා සචිත්‍රගෙ තේ එක උඩට අරගෙන යන්න.ආයෙ නිකන් ඒ ළමයා පහළට එන්න ඕන නෑනෙ.ඔය දෙන්නා එතන ඉඳලා කතා කරන්න..කොයි කාලෙකින්ද කතා කරන්නෙ නේහ්!?" අම්මා හරියට කතා කරන්නෙ මැරිලා ඉපදුනු ගාණට.මේ අම්මාත් මාරයි ආහ්.!!
මම අම්මාටත් රවාගෙන ම office එක පැත්තට ගියපු හැටි අම්මාත් දකින්න ඇති..ඒ යද්දි සචින් අයියා ඇවිත් කනට කෙඳිරුවා.

"අද නම් ඔයා ඉවරයි නව්‍යා...සචිත්‍ර මොනවා කරයිද දන්නෑ...ඔන්න මම නම් නෑ..පලි ගනියිද දන්නෑ ඒ කාලෙ වුණ දේවල්වලට" සචින් අයියාටත් මාව ජෝක් එකක් වෙලා.මම වැලමිටෙන් අයියාගෙ බඩට පොඩි පාරක් ගහලා office එක ඇතුළට ගියා.

"ආව් හලෝ...!!" අයියා කෑගැහුවා..

"ආහ් නව්‍යා,කොහොමද ඉතින්..?දුව එක්ක ⁣ගොඩක් දේවල් කතා කරන්නත් තියෙනවා..මීට පස්සෙ ඉතින් නිතරම මෙහෙ ඒවි යාවිනෙ.එතකොට ඉතින් කතා කරන්න බැරියැ.!" දයාල් අංකල්ගෙ අන්තිම වචන ටික නිසා මගෙ ඇඟේ නහර පිපුණා..ඒ කේන්තියකට නෙමෙයි.අනේ මන්දා මගෙ ඇඟට නොතේරෙන බයක් දැනුනා.

"නව්‍යා,
හැමෝටම තේ දුන්නද??" ඒ ඇහුවෙ තාත්තා.

"ම් ඔව් - නෑ.." මගෙ උත්තර දෙක නිසා තාත්තලා දෙන්නගෙම ඔළුව කැරකෙන්න ඇති.

Half Love,Half arranged. || SinhalaWhere stories live. Discover now