Wedding continues.

106 9 3
                                    

                           Sachitra

  එදා රෑ අභි එක්ක ගියේ කොහෙද කියන්නවත් කරේ මොනවද කියන්නවත් පහුවෙනිදා උදේ වෙද්දි මට පුළුවන් කමක් තිබුණෙ නෑ...හද්ද ඇඟේ අමාරුවකුත් එක්ක මම නැගිට්ටෙ ඊෂා ඇවිත් ඇහැරවපු නිසා.

   "Bhai,Get up.!We're getting late.Both you & Abhi are still sleeping.!GET UPPPP!!!!" අමයිරා කෑ ගැහුවෙ කාමරේ කොනට වෙන්න තිබුණු කන්නාඩි මේසෙ ළඟ ඉඳගෙන ඇහේ මොනවද කළු පාට ජාතියක් උලන ගමන්.

  "Haan Amy,Mujhe toh nahi pata hai in dono ne kal raat kya kiya ki itni sou rahi hain!?" (ඔව් එමී,මං නම් දන්නෑ මේ දෙන්නා ඊයෙ රෑ මොනවා කරලාද කියලා මෙච්චර නින්ද යන්න තරම්.) හිනා වෙන ගමන් ඊෂාත් කිව්වෙ කතාවට එකතු වෙන ගමන්.

  මේ ඔක්කොම එක්ක මම අනිත් පැත්ත හැරිලා බැලුවෙ අර කරුමක්කාරයා කෝ කියලා.ඔව් අභි තමා.!ඊෂා කියන්න වගේ අපි දෙන්නා ඊයෙ රෑ මොනවා කරලාද මන්දා ඇඟටත් පොඩි මහන්සියක් දැනෙන්න ගත්තා.ඇත්තම කිව්වොත් මට කිසිම විදියක මතකයක් තිබුණෙ නෑ අපි කොහෙද ගියේ කියන්න.ඉතින් මම කරේ අභිව නැගිට්ටවන්න try කරපු එක.

  "Abhishek,Wake up.!" ඉහ ඉඳලා යටි පතුල් වෙනකල්ම රෙද්දෙන් වහගෙන සැපට නිදා ගෙන හිටපු අභිශේක්ට තට්ටුවක් දාලා මං කිව්වා.ඒත් එක පාරට අභි කරපු දෙයින් කාමරේ හිටපු මම සහ ගෑණු ළමයි දෙන්නම ගැස්සිලා ගියා.

  "WHY?WHAT HAPPENED?" එක පාරටම ඇඳෙන් බැහැපු අභිෂේක් කුංග් ෆු පැන්ඩා එකේ මාස්ටර් වගේ ඇක්ෂන් එකක් දැම්මා.

  "Abhi tu pagal hai kya?
Har pal me pagal wagal karti rehti hu.!!!
Dekho,meri makeup bhi karabh kar diya..."(අභි තමුසෙට පිස්සුද?හැමවෙලේම පිස්සු විකාර කරනවා...!!!බලනවා,මගේ මේකප් එකත් විනාස කරා...) අභිගෙ කෑ ගැහිල්ල නිසා මේකප් එක විනාස කර ගෙන හිටපු අමයිරා කෑ ගැහුවා.කෑ ගැහුවාට වඩා අන්තිම ටික කියද්දි උඩ පැන පැන අඬනවා..
  මං කල්පනා කළේ කවුද යකෝ උඩ පැන පැන අඬන්නෙ කියලා.!!ඇත්තටම කෙල්ලො ඇයි එහෙම?

  කෙල්ලො දෙන්නා කෑ ගැහුවාට අපිට පුළුවන් වුණා උදේ කෑම වෙලාව වෙද්දි හරියට සෙට් එකට එකතු වෙන්න.ඔය කෙල්ලොන්ට වගේ දාහක් සුකුරුත්තන් දාන්න නැති නිසා අපිට කේස් නෑ...

  Breakfast එකෙන් පස්සෙ අපි හොටෙල් එකෙන් checkout වුණා...ඊළඟට අපි අපේ ගෙදරට එන්න පිටත් වුණා...සෙට් එකව අපේ ගෙදරින් දාලා මම ගියේ නව්‍යාලාගෙ ගෙදර.මොකද මහිරා මට ඒ වෙද්දිත් කියලා තිබුණා එහේ තමයි sangeet practice කරන්නෙ කියලා,සහ මම එහෙට ආ යා යුතු ය කියලා..

Half Love,Half arranged. || SinhalaWhere stories live. Discover now