The Date

85 8 0
                                    

Navya

"හ්ම්...කොහොමද අද දවස?" ගෙදරට ගොඩ වෙනකොටම අම්මා ඇහුවා..

"අවුලක් ම නෑ..නෝමල් එකේ ගියා ඉතින්" මමත් ඔන්න ඔහේ උත්තර දුන්නා..බෑග් එක සෝෆා එක උඩට විසි කරලා මම ⁣හරිම අමාරුවෙන් වගේ පඩිපෙළ නැග්ගා..

"තේ එකක් හදන්නද?" අම්මා ආයෙ ප්‍රශ්න කරා..

"හා..තාත්තා ආවෙ නැද්ද තාම?"

"නෑ...තව ටිකකින් ඒවි."
.................................
තේ එකත් අරගෙන මම ආවෙ සෝෆා එක උඩට.බෑග් එකේ තිබුණ ෆෝන් එක අරගෙන මම insta එක පැත්තට ගියේ අළුත් news මොනවද කියලා බලන්න.මොකද ඕපදූප හොයන එක ගෑනු ගතියනෙ.ඒත් අම්මාගෙ එක වචනෙකින් මගෙ මුළු අවධානෙම එයාගෙ පැත්තට ගියා..අම්මා කිව්වෙ මොකක්ද කියලා මට ආයෙ දෙපාරක් අහන්න වුණා..

"ඔව්.හෙට ඔයයි සචිත්‍රයි date එකකට යනවා.Dinner Date එකකට." ඒ කියපු දේත් එක්ක මගෙ ඇස් ලොකු වුණා..මෙහෙම තමන්ගෙ අනුදැනුමක් නැතුව තීරණයක් තමන් ගැනම අරගෙන තියෙද්දි කාගෙද එහෙම නොවෙන්නෙ අනික?

"ඒ - ඒ - ඒත්..ඇයි එක පාරම?" මම ප්‍රශ්න කරා..

"ඔයා⁣ලාගෙ කසාදෙට කලින් ඔයාලා හොඳට දැන අඳුන ගන්නත් එපැයි..හොඳට නැතත් යන්තම් හරි දැන අඳුන ගන්න මේක නෙමෙයි ද චාන්ස් එක?" අම්මාත් ආපිට මගෙන් ප්‍රශ්න කරා..

"ඒක හරි...ඒත් මෙච්චර කලබලයක් ඇයි අම්මෙ?" මගෙ කටහඬේ තිබුණේ දුක පිරුණු බවක්.

"කලබල නොවී කොහොමද නව්‍යා,ඔයාව මම මෙච්චර කලබල කරවන්නෙ ඔයාගෙම හොඳට..අනික සචිත්‍රගෙ ගෙදරිනුත් වැඩි කැමත්තක් නෑ ඒ ළමයාගෙ කසාදෙ තවත් පස්සට අදින්න." අම්මා කිසිම ගාණක් නැතුව කියාගෙන ගියා..

"ඒත් අම්-" අම්මා මගේ කතාව මැදින් කපලා දැම්මා..

"ඒක් මේක් නෙමෙයි නව්‍යා,තව සතියක් නැත්නම් දෙකක් යද්දි ඔය දෙන්නා legally Husband & Wife වෙනවා" අම්මා කියපු දෙයින් මගෙ ඔළුව දෙදරුම් කන්න ගත්තා.

තව සතියකින්?අපි දෙන්නා?හස්බන්ඩ් වයිෆ්?

"No way අම්මා..මොනවද මේ ඔයා කියවන්නෙ?" මම කම්මුල දිගේ වැටෙන කඳුළු අම්මාගෙන් හංගන අතරේ ඇහුවෙ ඉකි ගහන ගමන්.

Half Love,Half arranged. || SinhalaWhere stories live. Discover now