කලබල අතරේ දවසක්.

91 11 5
                                    

                            Navya

අපිට shopping කරලා දවසින් බේරෙන්න බැරි වුණා..එතනින් පස්සෙ ගත වුණු  දවස් තුනම ගෙවුනෙ දිනපතා jewellery shopවලටයි,රෙදි කඩවලටයි,bakery එකටයි,හොටෙල් එකටයි දවසට හතර පස් පාරක් ගාණෙ යන එන ගමන්..

අපි යක්කු වගේ වැඩ කරද්දි සචිත්‍ර එයාගෙ ආදරණීය cousinලාව ලංකාවෙ ලස්සන පෙන්නන්න එක්ක ගිහින් තිබුණා..මං යන්න කැමති හැම තැනකටම ගිහින් 'missing @navyaaa.here' කියලා මාව insta එකේ මෙන්ෂන් කරන්නත් මේ යකා අමතක කරලා තිබුණේ නෑ..එයාටම හරි යන එයාගෙ cousinලා ටික.!
එයාලාත් 'miss you babhi'  කියලා මාව මෙන්ෂන් කරලා තිබුණේ මට තිබුණු ආදරේට ද නැත්නම් මාව අවුස්සන්න ද කියලා හිතන්න මට වෙනම කාලෙ මිඩංගු කරන්න වුණා...
මේ අතරේ තමන්ව දාලා ගියපු තරහෙන් පුපුර පුපුර හිටපු මහිරාගෙ කටින් පිට වුණේ එච්චර හොඳ වචන නෙමෙයි.ඔව්,මේ දවස් ටිකේ මහිරා අපේ ගෙදර.ඒ වගේම තූර්යාත් එයාගෙ ඇඳුම් ටික final කර ගන්න ආපු ගමන් දවල් කෑමට අපි එක්ක නැවතුණා..

"අහ්ග්ග්ග්ග්......
F*ck these people" ඔව් ඒ මහිරා..

"මහිරා....!!!" මම කෑ ගැහුවෙ බීම ටික සාලෙ ටීපෝ එකෙන් තියන ගමන්.

"Let her talk Navya.
එයාට ඔහොම කියන්න විතරයි පුළුවන්.කවදාවත් ප්‍රැක්ටිකල් කරන්න බෑ.මොකද එතන එයාගෙ අයියාත් ඉන්නවානෙ.අයියාට f*ck කරන්න මෙයා සිංහසීවලිවත් අයියා සිංහබාහුවත් නෙමෙයිනෙ!" තූර්යා එහෙම කිව්වෙ මට පහක් දාන ගමන්.මේකෙන් වුණේ මහිරාගෙ කේන්තිය තව ටිකක් වැඩි වුණු එක.මෙච්චර වෙලාවක් උකුලේ තියා ගෙන හිටපු කොට්ටෙ අරගෙන තූර්යාගෙ මූණට දමලා ගහපු මහිරා ගියේ එයාගෙ කාමරේට.

"මහිරා.!හරියට හැසිරෙන්න හරිද?තූර්යා පොඩි විහිලුවක්නෙ කරේ.!මොකටද එච්චර කේන්ති ගන්නෙ?" මටත් කේන්ති ගියපු නිසයි මම එහෙම කතා කළේ...ඒත් ඒ වචන ටික මහිරාව රිද්දෙව්වා.

"ඔයාත්...!?" මහිරා කතා කරේ ඒ වචනෙ විතරයි.ඇස්වල් තිබුණු කඳුළුත් හංගගෙන මහිරා කාමරේ දොර වහගත්තා.මේ ඔක්කොම පැත්තකට වෙලා බලාගෙන හිටපු තූර්යායි අක්කායි දෙන්නා එක පාරටම කිව්වෙ,
"හරිනෙ දැන් මැඩම්ගෙ අමාරුව!" කියලා.

Half Love,Half arranged. || SinhalaWhere stories live. Discover now