Sachitra
නව්යාට කෑම කවා ඉවර වෙලා මමත් ආවා පොඩ්ඩක් කන්න කියලා.ඒත් catering area එකට ආව සැනින් මට වැඩක් පැවරුවෙ ලොකු තාත්තා.
"පුතා,මෙහෙට එන්න."
මම plate එක තිබුණ තැනින් ම තියලා ලොකු තාත්තා හිටපු පැත්තට ගියා.
"ඕ කියන්න ලොකු තාත්තෙ.?"
"මෙහ්.
ගමනක් තියෙනවා ගිහින් එන්න,පුළුවන් නේද?
අයියාත් ඒවි යන්න." මගෙ උරහසට අතක් දාගෙන ම ලොකු තාත්තා කිව්වෙ අමුතු තාලෙට."කොහෙද ?"
"මේ...
Bar එකට.""Bar එකට.?", මම ඇහුවෙ පුදුමෙන්.මොකද අපේ තාත්තා මතට තිත තියපු කෙනෙක්.මමවත්,අය්යාවත්,කවුරුවත් බොනවාට තාත්තා කැමති වුණේ නෑ...
"ඕ.bar එකට.ගිහින් බෝතල් දෙකක් ගේන්නකෝ.හොඳ කොලුවානෙ.
දන්නවනේ,උඹලගෙ තාත්තාට අහු නොවෙන්න ගේන්න ඕන හැබැයි." ලොකු තාත්තා කිව්වෙ කපටි හිනාවකින් මූණ පුරවගෙන."ඇයි ඉතින් මේ කලබල අස්සෙ මාව ම යවලා ගේන්න ඕන.?අයියාට කියන්නකො ලොකු තාත්තෙ.!" මම කිව්වෙ ටිකක් එපා වුණ ස්වරූපෙන්.
"එහෙම කියන්නෙපා කොල්ලො.මට මේ ඇරෙන්න chance එකක් ලැබෙන එකක් නෑ..මනමාලයායි තාත්තායි කරන්න ඕන වැඩ මේවා.මං මේ ලොකු තාත්තා වශයෙන් කරන්නෙ.!ගිහින් ගෙනෙන්.
උඹ දන්නවානෙ,මම උඹලා තුන්දෙනාට තරම් ආදරේ නෑ කාටවත්.උඹලා ඇරෙන්න කවුරුත් නෑනෙ බන්ග් මට."ලොකු තාත්තා මගේ weak point එක දන්න නිසා ගාණට ඇණේ බැස්සුවා.එයාලාට ළමයි නති එක ගැන මතක් කර සැනින් මාව දියවෙන බව බොසා දැනගෙන හිටියා.
"හරි හරි මං යන්නම්කො." මම කාර් එකේ යතුරත් අරගෙන ගියා ගරාජ් එක පැත්තට.ඒත් සෙනග ආපු වාහන නිසා මගේ කාර් එක එළියට ගනන බැරි තත්ත්වයක් ඒ වෙද්දි උදා වෙලා තිබුණා.
"හයියෝ,දැන් මං මොකද කරන්නෙ.???"ඉණට අත තියාගෙන මම හතර අතේ කල්පනා කරන්න ගත්තාත් හරි අයියා ආවා මං හිටපු පැත්තට.
"යං" අයියා ඇවිත් මට කිව්වා.
"වාහනයක්?"
"මගේ එක එළියෙ.යං" අයියාගෙ ඒ අවසරයත් එක්ක මාත් ඒ පිටිපස්සෙම යද්දි පිටිපස්සෙන් ආපු සද්දෙ මාවයි අයියාවයි නැවැත්තුවා...