NAVYA
මගේ බෑග් එක,ෆයිල්ස්,ෆෝන් එක,වතුර එක.ඔක්කොම හරි..මම එළියට ඇවිත් තියෙන්නෙ ඔක්කොම අරගෙන.අතේ එකයි කරේ එකයි කියලා දේවල් දහයක් විතර එල්ලගෙන මම කාර් එක ළඟට ආවා..බෑග් ටික වහල උඩ තියලා යතුර බලද්දි තමා තේරුණේ යතුර මිසින් කියලා..
"යතුර." මම ගේ ඇතුළට දුවන්න හැරෙද්දිම තාත්තා මගේ පැත්තට ආවා.."මේක නේද හොයන්නෙ?"
"Phew...ඔව්.Th-Thank you" තාත්තා දිහා බලන්න බැරි කමට වාහනේ දොර අරින ගමන් මම කිව්වා..ඒත් තාත්තාගෙ අතක් මාව නැවැත්තුවා....
"ඔයා අම්මා කියපු වචන ගැන වැඩිය හිතන්නෙපා.ඒත් සචිත්‍රට chance එකක් දීලා බලන්න චූටි දූ..මම දන්නවා ඔයාට එයාව manage කරගන්න පුළුවන් කියලා..අම්මා වගේම මමත් ඔයාව force කරලා බෑනෙ.මම නම් කියන්නෙ ඔයාගෙ හෘදසාක්ෂියට ඉඩ දෙන්න.ඔයාට එයාවම බඳින්න කියලා නෙමෙයි මම නම් කියන්නෙ.ඔයා එක පාරක හමබෙලා බලන්න,අකමැති නම් අකමැතියි කියලා කියන්න.මොනවා උනත් අක්කාත් සතුටු වෙයි ඔයාලා දෙන්නා දිහා බලලා.මම උනත් අද හෙට කවදාහරි මැරෙ-"
"පිස්සුද තාත්තා..මොනවද මේ කියවන්නෙ,එහෙම මුකුත් වෙන්නෑ..අනික මමත් තීරණය කරා එයාට chance එකක් දීලා බලන්න." මම තාත්තාව බදා ගත්තා..
මම සාමාන්‍යයෙන් එහෙම කරන කෙනෙක් නෙමෙයි,ඒත් අද අනේ මන්දා මට මගෙ තාත්තා නැති වෙයිදෝ කියලා බයක් දැනුණා..."හරි ඔයා ප්‍රවේසමෙන් ගිහින් එන්නකො.හවසට ඔයා ඇඳුමක් ගන්න එක්ක යනවා කියලාත් කිව්වානෙ."
තාත්තා ඔලුව අතගාන ගමන් කිව්වා..මම ම hug එක බිඳලා වාහනේ ඇතුලට ආවා....ලොකු හුස්මක් අරගත්තාට පිට කරන්න මට විනාඩියකට අමතක උනා..Okay,lets' go...!!
..................................
"Congratulations Ms. Manawadu!""Congrats Navya!!"
හැමතැනින්ම මට සුබ පැතුම්..ඔව්.අදත් Done & Dusted.මම දැනගෙන හිටියා මේ නඩුව තව කල් අදින්න බෑ කියලා..එකම බය තිබුණේ එයාලා cctv footages බොරු කියලා ඔප්පු කරයි කියලා..ඒත් ඒක උනෙත් නෑනෙ ඉතින්.අන්තිමට මම දින්නා.
නෑ මගේ client දින්නා..!!
Court එකෙන් එළියට බැහැලා මම එන්න ආවෙ පහළ තියෙන තේ කඩේට.ඒත් එකපාරට පිටට වැදිච්ච පාරක් එක්ක මම ගැස්සිලා ගියා..මේ කවුරු වෙන්න පුළුවන්ද?
අනිවාරෙන් මගෙ bff.