Sachitra
ඉතින් අර පිස්සු කෙල්ල එක්ක පැය භාගයක් විතර ගෙව්වාට පස්සෙ මටත් නිකන් පිස්සු වගේ දැනෙන්න ගත්තා.වෙලාවකට මම හස්බන්ඩ් ලු,තව වෙලාවකට vlogging ලු,තව වෙලාවකට අත අල්ලන්න ආස ලු..
තව ටික වෙලාවක් ගියා නම් මොන මොනවා අල්ලන්න ආසයි කියයි ද දන්නෑ.!අපි මුලින්ම ගියෙ මම ඇතුළු පිරිමි සෙට් එකගෙ ඇඳුම් තෝරගන්න.එතනට යනකල් මගේ හිතේ තිබුණේ රතු පාට sherwani එකක් අඳින්න.නමුත් ඒ කඩේ පොර කිව්වා මේ දවස්වල trending පාටවල් අතරින් මට ගැළපෙන්නෙ ivory වගේ පාටක් කියලා..ඉතින් බොසා කියපු විදියට ගැලපෙන material එකක් තෝරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ...ඒත් වැඩි වෙලාවක් ගියේ design එක තෝරගන්න.මම කැමති ඒවාට අම්මා කැමති නෑ,අම්මා කැමති ඒවාට කැමති නෑ..ඒ වගේ හේතු මුල් වෙලා අපි පැයකට වඩා විනාස කළා..ඒත් මගෙයි අම්මාගෙයි දෙන්නාගෙම හිත ගියේ නව්‍යාගෙ තේරීමකට.
"ඇන්ටි,මේක මොකද?
මේක සිම්පල්.ඒ එක්කම මාර ඩීසන්ට්.මං නම් හිතන්නෙ මේක හොඳයි කියලා....""නව්‍යා,ඔයා නම් මරු!" අම්මාගෙ හිතේ සතුට දෝරෙ ගලනවා..ඒ වගේම තාත්තාත්.ඉතින් ඊට වඩා මට මොනවාද ඕන.?
එතනින් පස්සෙ මගේ Mehendi,Haldi,Sangeet උත්සවවල ඇඳුම් ටිකත් තෝරගත්තා..ඒ වගේම තාත්තලා දෙන්නා,අයියා,සචින් බ්‍රෝගෙත් ඇඳුම් final කර ගත්තා...
ඒත් ඒ වෙද්දි අපි දවසෙන් භාගයක් ගෙවලා ඉවරයි..දවල් කෑමට එළියෙ restaurant එකට ආපු වෙලාවෙ සචින් මායි අයියායි එක්ක කයියකට සෙට් වුණා."නිකමට හිතන්න බ්‍රෝ........." ඒ සචින්.
"කියන්න බ්‍රෝ.." ඒ අයියා.
"පිරිමි අපිට ඇඳුම් තෝරගන්න අච්චර වෙලාවක් ගියා නම් අර ගෑණු ටිකට කොච්චර වෙලාවක් යයිද හා?" සචින් කිව්වෙ සොසේජ් කෑල්ලක් රඳවා ගෙන හිටිය ගෑරුප්පුවෙන් ගෑනු කට්ටිය ටික හිටපු ටේබල් එක පෙන්නන ගමන්.
"ඇත්තක් බ්‍රෝ..ඇත්තක්"අයියා සචින්ගෙ කතාව ස්ථිර කරා...
"අපේ එක්කෙනාට ඇඳුම් දාහක් ගෙනාවොත් ඒ දාහෙ වැරදි දාහක් කියයි.
එයාගෙ නංගිත් එහෙමම තමයි බ්‍රෝ..." සචින් කිව්වා.