"Talk with Divya"

118 10 0
                                    

SACHITRA

කාමරේට වැදුන ගමන් මං ගියේ බාත්රූම් එකට.සෙල්ලම් කරලා දැන් නම් සිරාවටම ඇඟට මහන්සියි..කියන්න බැරි උනානෙ,යාළුවෝ එක්ක යන්න හිටියෙ clubbing උනාට ගියේ වෙනදේකට.
අද අපි ගියා ෆුට්බෝල් ගහන්න..Gully footballනුත් ආතල් හැබැයි..හොඳ වෙලාවට ඒ වගේ දේකට හරි යන බැකප් ඇඳුමක් මං ළඟ තිබුනා..නැත්නම් අනිත් උන් වගේ මටත් හඩ්ඩා වගේ තමා ගෙදර එන්න වෙන්නෙ..මං ලංකාවෙ මිනිස්සුන්ගෙ ආසම නැති දේ තමා ඒක..ඕන ජරාවක වැදිලා ගෙවල්වල යනවා..

Shower එක ඔන් කරපු ගමන් බිමට වැටෙන වතුර බින්දුවෙන් බින්දුව මගේ ඇඟට වැටිලා පහළට වැටෙන්නෙ මම බලාගෙන ඉද්දිමයි....නාන්න ප්ලෑන් එකක් තිබ්බෙ නැති උනාට දාඩිය නිසාම මම ඔළුවත් shower එකට ඇල්ලුවා..ඒ දැනෙන සනීපේ...
කවුරු මොනවා කිව්වත් සීතල වතුර ඇඟට වැටෙද්දි දැනෙන සනීපෙ වෙන මොකකින්වත් ගන්න බෑ..

එක ටවල් එකක් ඇඳගෙන තව එකකින් ඔළුව පිහදන ගමන් මම බාත්රූම් එකෙන් එළියට ආවා..ඒ ඇවිත් තත්ත්පරයක් ගියේ නෑ නංගි බෙරිහන් දෙන්න ගත්තා..

"අයියේ,පහළට එන්නලු........." බුදු අම්මෙ මේකිගෙ කට.ටකරමකට දෙවනි නෑ..මොනවා උනත් I missed this..
නව්‍යා,තමුසෙ නිසා තමා මේ ඔක්කොම.මට මගෙ නංගි එක්කවත් ඉන්න බැරි වුණා..ඒත් මේ සැරේ බලනවා,මම නංගි එක්ක ඉන්න විදිය.අක්කා නගෝලාට හිතාගන්න බැරි විදියෙ දේවල් ටිකක් මං නංගි වෙනුවෙන් කරනවා..

'මොනවා උනත් දිව්‍යා හොඳ කෙල්ල.ඒකි හැමවෙලේම මාව තේරුම් ගත්තා..ඒකට අර කොච්චි කරල.බලනවා නව්‍යා,ඔයා එදා මාව කනකට ගත්තා මේ වගේ ප්‍රශ්න එන්නෙත් නෑ..සිරාවටම!!
Oh shittttt!!මම දිව්‍යාට කෝල් කරන්න නේද හිටියෙ.කෝ මගේ phone එක!?ආහ් අර තියෙන්නෙ.' මම phone එක තියලා තිබුන මේසෙ ළඟට ගියා..ඒ ගිහින් Sachin Wickramarachchi කියලා සේව් කරපු නම්බර් එක dial කරා..ඒ කරලා phone එක කනට ගද්දිම,

"තමුසෙ තව විනාඩි දෙකක් ඇතුළත ඇඳුමක් දාගෙන නාවොත් ගලවනවා ඔය ටවල් එක මම" නංගි මං ළඟට ඇවිත් රහසින් වගේ කිව්වා..යකෝ මේ මගෙම නංගි ද කියලාවත් හිතා ගන්න මට බෑ..

"ඊයා ඕයි,තමුසෙට මදන විසේද?මොනව ද මන්දා කියවන්නෙ?"මම phone එක කට් කරන ගමන් කියලා දැම්මෙ නංගි දිහාට ඇහැ යවන්නෙ නැතුව.

Half Love,Half arranged. || SinhalaWhere stories live. Discover now