දෙන්නාගෙ mission දෙක.

68 8 0
                                    

Navya

ඔන්න මගේ අළුත් mission එක පටන් ගත්තා.ඇත්තම කිව්වොත් මට ඒකට දාගන්න නමක් දැනුනෙ නෑ...අක්කා කිව්වෙ 'Mission Husband' කියලා දාන්න කියලා.ඒත් ඒක සෙට් නෑ..!!

මම වහාම ගිහිල්ලා මුලින්ම කරේ නඩුව re appeal කරන්න try කරපු එක.ඒත් ඒකට කල් යයි කියලා දැනුනු නිසා මම අවශ්‍ය කරන සාක්ෂි හොයන්න ගත්තා..පොලීසියට අර ඔෂාන්ලා දීපු කට උත්තර වගේම සචිත්‍ර මොනවාද කියලා තියෙන්නෙ කියලා බලන්නත් ගියාමයි සචිත්‍ර කියලා තියෙන්නෙ බොරුවක් නොවන බව මට තේරුම් ගියේ...
"ම⁣ට සමාවෙන්න සචිත්‍ර." එයාට කියා ගන්න බැරි නිසා මම මටම කියා ගත්තා.

ඒත් මගේ හිතේ ඊළඟට උඩට ආපු ප්‍රශ්නෙ තමයි,ඇයි පොලීසිය සචිත්‍ර මේ කියපු සාක්ෂි පස්සෙ ගියේ නැත්තෙ කියලා.ඔෂාන්ලාගෙ සල්ලි නිසාවත් ද...?එතකොටම මගේ ඔළුවට ආවෙ සචිත්‍රලා එදා ගියපු club එක.එතනින් පස්සෙ මම එතනටත් ගියා...මොකද සචිත්‍ර එදා කිව්වා එතනට ගිහින් බලන්න කියලා...

මම පරක්කුයි,මම පරාදයි.දෙයියනේ සචිත්‍ර පරාදයි.එයා එයාගෙ ජීවිතෙන් පරාද වෙන්න යන්නෙ මං නිසා.!! මං නිසා..!!
'මම වයිෆ් කෙනෙක් විදියට පරාදයි,යාළුවෙක් විදියට පරාදයි,ලෝයර් කෙනෙක් විදියට පරාදයි,අන්තිමට මම,

මම මනුස්සයෙක් විදියට පරාදයි.!'

මේ සිතුවිලි එක්ක තැන නොතැන බලන්න මගෙ මනසට පුළුවන් කමක් නෑ..වාහනේ දොර වහගත්ත මට මගේ හිත හිර කරගෙන තියා ගන්න බැරි වුණා...මම අඬන බව කාටවත් දැනෙන්න නැතුව ඇත්තෙ වාහනේ ලොක් කර ගනිපු නිසයි.නැත්නම් එතන වෙන නාඩගමක්.
කාලෙකින්,මම කාලෙකින් හිත සැහැල්ලු වෙනකල් ඇඬුවා.ඒත් තාම හිත කොනේ පොඩි බරක් ඉතුරු වෙලා තියෙනවා,කියලා මට දැනෙන්න ගත්තා...එතනින් පස්සෙ මට කරන්න දෙයක් ඉතුරු වෙලාම නැද්ද කියන ප්‍රශ්නෙ හැමවෙලේම මගෙ ඔළුවෙ වැඩ කරන්න ගත්තා.

"එයාගෙ අම්මා තාත්තා ඇරෙන්න එයාව හම්බෙන්න වෙන කෙනෙක්ව බලන්න එයාට උවමනා නෑ කියලයි කියන්න කිව්වෙ මිස්,තේරෙන්නැද්ද?ලෝයර් කිව්වාත් වයිෆ් කිව්වත් එයා දුන්නෙ මේ කිව්ව උත්තරේමයි.කරුණාකරලා මැඩම් යන්න අපිට පවු නොදී..." බන්ධනාගාරෙ පොරට සචිත්‍ර විතරක් නෙමෙයි මාත් එපා වෙලා ගිහින් වගෙයි.
කොහොම වුණත් මම ලේසියෙන් පරාද වෙන්නෙ නෑනෙ,මම කිව්වා මම සද්ද නැතුව යන්නම් කියලා.ඒත් පොරගෙ උත්තරේ හිරේ උළු ගලවන්න තරම් සද්දයක් තිබුණා.

Half Love,Half arranged. || SinhalaWhere stories live. Discover now