The නාස් ලණුව

81 9 0
                                    

Sachitra

අපි දෙන්නාගෙ විතරක් නෙමෙයි පවුල් දෙකේම අයගෙ ජීවිත පහුගිය සති දෙක තුන ඇතුළත වෙනස් වුණා..හොඳම දේ කියන්නෙ අපි දෙන්නාගෙ කසාදෙ තීන්දු කිරිල්ල...
ඒක ගැන කතා කරන්න අපි එයාලාගෙ ගෙදර ගියපු වෙලාවෙ නව්‍යා ගෙදර හිටියෙ නෑ..ඒ නිසා මම අම්මලාව ආයෙ එක්කගෙන එන්න හැදුවට චන්දිමා ඇන්ටිවත් අම්මාවත් ඒ දේට කැමති වුණේ නෑ..මොකද කේන්දර අරගෙන ආපු එකා ගත් කටටම කිව්වා "හපෝ මහත්තයෝ හරි අසුබයි ඔය කොරන්ඩ යන වැඩේ නම්" කියලා..ඒ මිනිහා ඒ ටික කියලා 'ක්රා......ස්' ගාලා කාරලා කෙළ තලියක් ගැහුවා ගෙදර කාණුවට.
Disgusting people!
අපෙ අම්මලාටත් ඉතින් ඒ වගේ දෙයක් කිව්වොත් ආයෙ වෙන මුකුත් නෑ...
මං හිතුවා වගේම එදා හවසම නව්‍යා සිද්ධිය දැනගෙන මට කතා කරා..ඒ ළමයා අහපු දේවල්වලට දෙන්න උත්තරයක් මගෙ ළඟ තිබුණේ නෑ..

මම මේ ආසියාවෙ සංස්කෘතියට කැමති නැත්තෙම ඒකයි.දෙමව්පියෝ හිතනවා එයාලා තමයි ළමයිට හොඳම දේ දෙන්න දන්නෙ කියලා..ඒක එක අතකට හරි,වැරදියි කියන්නෙ නෑ..ඒත් එයාලා හැම වෙලේ ම හරිත් නෑ..
දැන් මේ අපි දෙන්නාගෙ කසාදෙ ගත්තාමත් එහෙමමනෙ.මං නව්‍යාට ආදරේ බව ඇත්ත.ඒත් එහෙමයි කියලා එයා මට ආදරේද කියන්න මම දන්නෙ නෑ,අම්මලාට විතරක් වෙන ටෙලිපති ද එක දැන ගන්න.!?මට ඕන නෑ එයාව බලෙන් කසාද බඳින්න.එයා කතා කරපු වචනවලින් මට තේරුණේ මම ඒ වගේ දෙයක් කරන්න යනවදෝ කියලා..
මට එවෙලේ නව්‍යාව තදට බදාගෙන 'නව්‍යා ඔයා බය වෙන්නෙපා,Jaan (පණ) මම හැමවෙලේම ඔයා ළඟ ඉන්නවා,ඔයාට සපෝට් කරනවා,කවුරු නැතත් ඔයාගෙ දියුණුවට මං උදව් වෙනවා' කියලා කියාගෙන කියාගෙන යන්න තිබුණා නම් කියලා..

කසාදෙ සම්බන්ධව කතා කරද්දි මට මතක් වුණේ,
කසාදේ වෙන විදිය plan කරපු විදිය.ඒක වුණේ මට ඕන විදියටවත් නව්‍යාට ඕන විදියටවත් නෙමෙයි..අපේ අම්මලාට ඕන විදියට.(වරහන් ඇතුළේ කියන්න ඕන අම්මලා කියලා දැම්මට ඇත්තම කිව්වොත් අපේ අම්මාගෙ උවමනාව ඉෂ්ට වෙන විදියට තමා අපි දෙන්නාව බන්දන්නෙ.ඒත් යන්තම් එයාව registration එකකට කැමති කරව ගත්තෙ චන්දිමා ඇන්ටිගෙ උවමනාවට.)

ඒ ගත වෙච්ච දවස් කීපෙම නැකැත් දවස් කියලා මම දැන ගත්තෙත් ලංකාවෙ සෙලිබෙට්ටො කීප දෙනෙක් ම කසාද බැඳලා තිබුණ නිසා..එදා උදේ ම මම කැමති විදියට අඳින්න මට ඕන වුණා..වැඩි විකාර නැතුව full normal එකේ මම මගේ suit එක දාගත්තා..

Half Love,Half arranged. || SinhalaWhere stories live. Discover now