Sachitra
රෑ කෑම ඉවර වෙනකල් මම හිටියෙ පුදුම නො ඉවසිල්ලකින්...වෙනදාට පූර්ණා අක්කාගෙ නැට්ටෙන් එල්ලිලා යන්නෙ අයියා.ඒත් අද,අයියාගෙ තැන මම අරගෙන.එක අතකට එහෙම කෙල්ලෙක් පස්සෙන් එල්ලිලා යන එකෙත් ආතල් එකක් තියෙනවා කියලා මට හිතෙන්න ගත්තා..
'දවසක මමත් නව්යාගෙ පස්සෙන් මෙහෙම යයි' කියලා හිතලා මම ම ලැජ්ජ වෙන්න ගත්තා..
'සචිත්ර!තමුසෙ ඒකිගෙන් පළි ගන්නවා කිව්වා නේද?ඔහොමද දැන් පළි ගන්නෙ!?!?' මගේ යටිහිත කෑ ගහලා ආයෙම මට මතක් කරා මම කරන්න ගියපු දේ,කරන් පටන් ගත්තු දේ මොකක්ද කියලා..
"ඉතින් කියන්න සච්." අක්කා කතාව පටන් ගත්තා..
"ම් - මෙහෙමයි.." මම චාටුවකින් කතාව පටන් ගත්තාට අක්කා ඒ වගේ දේවල්වලට කැමති නෑ..
"ඉක්මණට කියන්න සච්.."
"ඉ - ඉක්මණට කියන්නෙ ඉතින්...මම අද දවල් කියපු එක ගැනම තමා ඉතින්.." මම අන්තිම ටික කිව්වෙ අක්කාට විතරක් ඇහෙන ගාණට.මොකද අපේ ගෙදර බිත්තිවලටත් කන් තියෙනවා කියලා මම දැනගෙන හිටපු නිසා..
"ඉතින්?"
"ඉතින් කියන්නෙ අක්කේ......!?!?!?" මට අක්කාවත් එපා වෙන්න ගන්නෙ ඔහොම වෙලාවට.ඔක්කොම දැන ගෙන බබා වගේ අහන හැටි!
"හරි හරි.Sorry....
මෙහෙමයි සච්." අක්කා හෝදලා ඉවර වුණු පිඟන් ටික රැක් එකේ ගාණට තියන ගමන් කතාව දිගටම කරගෙන යන්න ගත්තා."ම්.." ඒ මම.
"එයාලා live in හිටියා.."
"ම්.." ඇත්තම කිව්වොත් මම අවධානෙන් අහගෙන හිටියෙ නැ..
"ඔයා අහගෙන ද ඉන්නෙ සච්?" අක්කා කෝප්පයක් සින්ක් එකට අතෑරියා..එවෙලෙ තමයි මම ආයෙ කතාවට එන්ටර් වුණේ...
"ම්?" මම අක්කා දිහාට හැරුණා..
"එයාලා live - in relationship එකක හිටියෙ.ඒක දෙන්නාගෙම පවුල්වලින් දැන ගෙන හිටියෙ නෑ..විශේෂයෙන් නව්යා එයාගෙ අම්මලා තාත්තලාට දැන ගන්න තිබ්බෙ නෑ ඒ ගැන.හැබැයි එයාගෙ අක්කා දැනගෙන හිටියා..
ඔෂානුත් ඒ කාලේ ඔයික ගැන හංගගෙන හිටියා..මට නිව්ස් ඇවිත් තියෙන විදියට ඌ ළඟ නව්යාගෙ 'වීඩියෝස්' එහෙම තියෙනවලු..ඔයාට තේරෙනවානෙ වීඩියෝස් කියන්නෙ මොනවද කියලා..
ඒ relationship එක නිසා ලු නව්යාට depression හැදුනා කියන්නෙත්..මේවා අපේ මීඩියා ඇතුලෙ හැදුන මත ඉතින්...ඇත්ත නැත්ත මම හරියටම දන්නෙ නෑ..
හැබැයි ඔය ඔෂාන් කියන්නෙ පිස්සෙක් සච්.!පිස්සෙක් කියන්නෙ,
ඌ එක විදියක මානසික රෝගියෙක්.නව්යාගෙ වෙලාවට එයා ඒ සතාගෙන් ඈත් වුණේ. ඔයා කියන්නෙ ඌ උගෙ business parterගෙ girlව පවා sexually assault කරන්න ගියා..ඒකෙ නඩුව යන අතරමග තමා ඌ මේ නඩුවෙන් අහු වුණේ...
මට තියෙන පුදුමෙ තමයි නව්යා කොහොම ද ඇත්ත දැනගත්තෙ,සහ ඒක උසාවිය ඉස්සරහට ගෙනාවෙ කියලා..."
අක්කා කියාගෙන කියාගෙන ගියපු දේවල් එකට එක ගලපගන්න මට ටිකක් අමාරු වුණා..
මං කල්පනා කරේ මේ වගේ කෙල්ලෙක් එක්ක විද් (අපේ අයියා) වසන්නෙ කොහොමද කියන එක.ඇයි ඉතින් කියන දේවල් කෝච්චිය වගේ කියාගෙන යද්දි.!