වසර 10 පසු
ස්කොලේ ඇරලා ඇවිත් නාලා කලා ගෙදර වැඩත් ඉවර කරපු මන් වලව්වෙ ස්තොපුවේ පඩියට වෙලා ඉද ගෙන කම්මුලට අතකුත් තියන් බලන් හිටියේ සුදු බෙබි ක්ලාස් ඇරිලා වලව්වට එනකම්. හවසට එයාට ක්ලාස් නිසා මට දැන් පාලුයි.
"ඉන්න හැටි විතරක්..... වලව්වටත් එක්ක මුසලයි....."
ස්තොපුවට ආව ලොකු මැනිකේ එහෙම කිව්වම හිටපු විදිහෙන්ම ඔලුව විතරක් හරවලා මන් එ පැත්ත බලලා ආයෙත් ඉස්සරහා බලා ගත්තෙ ලොකු මැනිකේ හුහ් කියන ගමන් ඔසරි පොට ගසලා ආපහු ඇතුලට යන්න යද්දි. මැනිකේගෙ වෙනස්කම් හිත පාරන කියුම් වලට මගෙ හිත දැන් රිද්දන්න බැ. අවුරුදු ගානක් එක දිගට අහලා විදලා මට දැන් එවා පුරුදුයි.
"කෝවැ කූ...... කෝවැ කූ......"
වලව් වත්ත පිටි පස්සෙන් එ සද්දෙ ඇහුන ගමන් මුනට හිනාවක් අවා. කවුරුත් බලන් ඉන්නවද කියලා හොදට වටපිට බලපු මම වලව් වත්ත පහලට දුවලා ගියා. හිතුවා වගෙම මගෙ ගමේ යාලුවො ටික ඇවිල්ලා.
"සපු බෙබි අද එන එකක් නැ කියලා මන් හිතුවේ....."
"මමත් කම්මැලි කමේ හිටියේ නිමල්.... වෙලාවට ඔයාලා ඇවිත් කතා කරේ......"
"මේ ඊයේ ගොයම් කැපුවා...... යමුද කරල් ඇහිදින්න...."
"ශා මරුනේ යමු යමු......."
සුරංග ගෙනාව යොජනාවට එකග උන අපි ඔක්කොම ගියේ ගුනේ මාමාගේ කුඹුරු පැත්තට. ගොයම් කපලා තියෙන නිසා ඉතුරු උන කරල් අහුලලා පිදුරු අයින් කරලා වී මිටියක් හදලා කඩෙට ගිහින් දුන්නම මුදලාලි මාමා අපිට සල්ලු දෙනවා. මගෙ සබන් කැටෙයි කොලොන් එකයි ඉවර කියලා මතක් උන මාත් එ වැඩෙට යන්න ගත්තේ ලොකු හාමු අවශ්‍ය දෙවල් මැණිකෙට කියලා තියන්න කිව්වත් මගෙත් එක්ක මැනිකේ අමනාප නිසා මම මැනිකෙට කිව්වට කවදාවත් එයා එවා ලොකු හාමුට කියන්නෙ නැ. එ නිසාමයි මම මට හම්බෙන කියක් හරි එකතු කරන් මට ඔනි දෙවල් ගන්නේ.අනිත් හැමොටම වඩා කරල් මිටි දෙක තුනක් එකතු කරපු මන් පිදුරු අයින් කරලා වී ටික එක්කහු කරලා මල්ලක දාන් කඩෙට ගියා
"ආහ් සපු බෙබිත් මේ පාර කරල් ඇහින්ද්ද......."
"ඔව්නෙ මුදලාලි මාමේ..... මට මේ ටිකට සල්ලි දෙනවද....."
YOU ARE READING
SAPU Yizhan | Nonfiction (Completed)
Fanfictionඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 Start : 04 february 2024 End : 28 august 2024 1# bl s...