28 කොටස

1.2K 160 24
                                    

"බබා සපු!!!!..... කෝ අනේ ඔයා ඊයේ රැ අයන් කෙරුව මගෙ ශර්ට් එක....."

"හැන්ගර් එකක දලා කබඩ් එකෙ එල්ලලා ඇති සුදු බෙබි...... බලලා ගන්න අනේ......"

"අහ් හරි හම්බුනා!!!...."

සුදු බෙබි එදා මට කන්ෆෙස් කරලා අදට සති දෙකක් ගෙවිලා ගියා. ලොකු මැනිකේට බැනලා ලොකු හාමු එයාව ඇදගෙන වලව්වට යද්දි මමයි සුදු බෙබි ආයෙත් මෙහෙ නතර උනා. මාවත් එක්කන් යන්න තමා හිටියේ එත් මට මෙහෙ ඉදන් කොර්ස් එකක් කරන්න ඔනි කිව්ව නිසා මමත්  නතර උනා. සුදු බෙබිනම් කොහොමත් දැන් කැම්පස් ලාස්ට් ඉයර් එකෙනෙ මමනම් තාම රිසාල්ට් එනකම් බලන් ඉන්නවා. මේ සති දෙකට උන වෙනස්කම් ගොඩක් තිබ්බා. ඒ සුදු බෙබි මගෙ ඇදුම් එක්ක මාව එයාගෙ කාමරෙට ගත්ත එකයි හසිත් බෙබිටත් කැම්පස් එක මෙහෙ ඉදලා ලග නිසා එයත් මෙහෙ මගෙ කාමරෙ  නතර උන එකයි. පලවෙනි දවසෙනම් ඒ දෙන්නා අතර ලොකු යුද්ධයක් තිබ්බා මාව බෙදා ගන්න බැරුව. අන්තිමට මම දෙන්නටම කැ ගැහුව නිසා එක නැවතුනා. නැත්තම් මට ඒ දෙන්නම කියන එවට අහට මෙහෙට දුවන ගමන් තමා වෙන්නෙ. ඔව්වත් මතක් කර කර ඔලුව දෙපැත්තට ගසලා හිනා උන මම සොසෙජස් ටික බදින්න ගත්තේ එ ටික ලූණු එහෙම දලා තෙල් දනවා කියලා හිතන්.

"ගුඩ් මොර්නින් සපු....."

"ගුඩ් මොර්නින් හසිත් බෙබි......"

නිදි ගැට කඩන ගමන් මන් ගාවට ආව හසිත් බෙබි මගෙ හිස් මුදුනට හාදුවක් තියලා කිචන් ටෙබල් එකෙ ඉද ගත්තේ මම එයත් එක්කම හිනා වෙද්දි.

"එයි එයි.... මම තමුසෙට කියලා තියෙනවා නෙද එයාව කිස් කරන්න එපා කියලා....."

"මට ඔන්නම් මම කිස් කරනවා..... ඇයි උබ මාව උල තියන්නද......"

"උල තියන එකනම් කරන්න බැ එකට වෙන කෙනෙක් ඉන්නවා..... ඔන්නම් උබව මේ අපාර්මන්ට් එකෙ උඩම තට්ටුවේ ඉදලා පහලට අත් අරින්නම් පත්තර පිටුවක් වගෙ තොග් ගැහිලා......"

"උබනම් හැබැයි එකත් කරයි......"

හසිත් බෙබිගෙ ඔලුවටත් එකක් ගහන් ඇවිත් සුදු බෙබි එහෙම කිව්වේ මාව එයාගෙ පැත්තට හරවලා මගෙ තොල් වලට චුටි පෙක් එකක් තියලා මගෙ ඉන වටෙ අත් පටල ගද්දි. ඒ දෙන්නගෙ ඔහොම රන්ඩු හැමදැම උදේට දැකලා පුරුදු නිසා මම ඔවා දැන් වැඩිය ගනම් ගන්නෙ නැ. සොසෙජස් ටික බැදුනම ලුණු මිරිස් කුඩු එහෙම දලා එක තෙල් දලා ඉවර කර ගත්ත මම සුදු බෙබිගෙ බත් එක බෙදන්න පටන් ගත්තා.

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now