06 කොටස

1.3K 193 27
                                    

"දැන් අපේ මැනිකේ කියන්නෙ සුදු පුතාව කොළඹ යවමු කියලාද......"

"ඔව් ඉතින් කොහොමත් උසස්පෙළ කරන්න යවන්න ඉන්න එකෙ දැන්ම යැව්වනම් හරිනේ....."

"එකත් ඇත්ත තමා......"

හවස මට නින්ද ගිහින් හිටිය නිසා ඇහැරිලා සාලෙට යද්දී ලොකු හාමුයි මැනිකේයි කියන දේ අහන් හිටිය මට හයියෙන් ඇඩුනේ සුදු බෙබිව සපුගෙන් ඈත් කරලා දුරකට යවනවා කියලා කිව්ව නිසා. ලොකු මැනිකේ නැදැයෝ ඉන්නෙ ඔය කියන කොලඹ එහෙ ඉදන් මෙහෙට ගොඩක් ඇතයිලු. අනික මෙගනා අක්කි එහෙම ඉන්නෙ එහෙ එයා මෙහෙ ආවමත් සුදු බෙබි ළගමයි ඉන්නෙ. දැන් සුදු බෙබි එහෙ ගියොත් සුදු බෙබිට මෙගනා අක්කි නිසා සපුව අමතක වෙයිනේ. ලොකු හාමුයි මැනිකේත් මන් අඩන සද්දෙට හැරිලා බැලුවම මම අඩාගෙන දුවන් ගියේ සුදු බෙබිගෙ කාමරෙට.

"සුදු බෙබි.....!"

සුදු බෙබි කාමරෙට දුවන් ගිය මන් පොත් මෙසෙට වෙලා පාඩම් කරන ගමන් හිටිය සුදු බෙබිගෙ ඇගට පැනලා අඩන්න ගත්තෙ සුදු බෙබි බය වෙලා මාව උස්සලා ඔක්කෙ ඉන්දව ගනිද්දි.

"මොකද සපු මේ අඩන්නේ ආ....."

"සුහ්..දු.... බේබිහ්..... සහ්...පුව..... දලා.... යනවද......"

"සුදු බෙබි සපුව දලා කොහෙ යන්න ම්ම්ම්ම්...... ඇයි දැන් මේ අඩන්නෙ කියන්නකෝ....."

"ලොකු මැනිකේ කිව්වා සුදු බෙබිව මෙහෙන් යවනවා කියලා....."

"අහ් එකද මේ..... පිස්සු සපු සුදු බෙබි සපුව දලා යන්නෙ නැනේ දැන් අඩන්නෙ නැතුව ඉන්නකෝ......"

සුදු බෙබි එහෙම කිව්වත් මම සුදු බෙබිගෙ බෙල්ල අස්සෙ මුන ගහන් අඩන්න ගත්තෙ සුදු බෙබිව මට නැති වෙයි කියලා බය නිසා. මන් සුදු බෙබිගෙ කරෙම හිටියේ මගෙ පිට අත ගාන ගමන් තට්ටු කර කර සුදු බෙබි මාව නලවන්න ගද්දි. මම ටික ටික අඩන එක නතර කරාම එක අතකින් මාව තුරුල් කරන් අනිත් අතින් සුදු බෙබි ස්කොලෙ වැඩ කරන්න ගත්තෙ මම එහෙම්මම ඉද්දි. අඩලා අඩලම සුදු බෙබිගෙ කරෙ මට නින්ද යද්දි බලෙන් මාව හැරවලා මටත් කවලා සුදු මාවත් තුරුල් කරන් එයාගෙ කාමරෙ නිදා ගත්තා.

**************

"එයි කෙලමා....."

ඉන්ටවල් එකට කැම කලා අත සොදන්න සුරංගලා එක්ක ටැප් එක ලගට ගියාම මාවත් තල්ලු කරලා මිනරි අක්කා ඉනටත් අත තියන් කැ ගැහුවම මම එයා දිහා බැලුවා. තොලත් ඉදිමිලා කම්මුලත් රතු වෙලා තියෙන මිනරි අක්කව දැක්කම මම ගැස්සුනේ එ මොකද කියලා එක පාරම හිතා ගන්න බැරුව.

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now