07 කොටස ( bonus )

1.4K 181 18
                                    

වසර හතරකට පසු

🎶මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙම මටද බයයි
මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙම මටද බයයි
ඔබ සදක් වගෙ හැඩයි
හෙට අමාවකද සැකයි....🎶

"ඔබ මගෙද මටම බයයි...... හුම්ම්ම්....."

ලැප් එකෙ දලා තිබ්බ සිංදුව ඔෆ් කරාලා මම ඉදන් හිටිය පුටුවෙන් නැගිටලා පුටුව මෙසෙ අස්සට දලා පාඩම් කරපු පොත් ටිකත් නමලා පිලිවෙලට අහුරලා. ජනෙලෙ ලගට ගිහින් ජනෙලේ ඇරියා. හ්ම්ම්ම් සුවදයි. හොද හුස්මක් ගත්ත මගෙ මුලු හදවතම මල් සුවදින් පිරිලා ගියා.සමන් පිච්ව මල් සුවදයි. හද එලිය වැටිලා මල් එලිය වෙද්දි පිච්ච සුවද හුලග නිසා හැම තැනම පැතිරෙනවා. අවුරුදු  හතරක් හරියටම මේ සමන් වැල මගෙ කාමරේ ජනෙල ලග පැල කරලා අවුරුදු හතරක් වෙන්න එනවා. එ පැලේ වගෙ මමත් මේ අවුරුද්දට සැහෙන්න වෙනස් වෙලා ලොකු වෙලා. මට අදටත් මතකයි මම මේ පිච්ච පැලය බදාගෙන අඩුව විදිහ.

වසර හතරකට පෙර

" ඈහ් මටත් සුදු බෙබි ලගට ඔනි කුසුමාම්මා..... මටත් යන්න ඔනි......"

සුදු බෙබි කාර් එකෙ නොපෙනිලා යද්දි වලව්වට හැරිලා දුවලා ආව මම බිම පෙරලි පෙරලි අඩන්න ගත්තෙ ලොකු මැනිකේ කම්මුලෙත් අත තියන් බලන් ඉද්දි.

"පෙනෙද කුසුමා මෙකගෙ හිතුවක්කාර කම..... දනිස් හිටන් ලෙලි ගිහිල්ලා.... මෙන්න මෙකව පරක් කරලා ඔවාට බෙහෙත් දාපන් කුසුමා.... නැත්තම් පැහැ වන්න ගනි...."

ලොකු මැනිකේ එහෙම කියලා වලව්ව ඇතුලට යන්න යද්දි මම ස්තොපුවට උඩ පෙරලි පෙරලි ඇඩුවා.

"දෙයියනේ සපු බෙබි නවත්තන්නකෝ..... සුදු බෙබි ආයෙත් එන්න නොවැ ගියේ......"

"ඇ...ත්තටම.... සුහ්...සුදු බෙබිහ්.... ආපහු එනවද....."

"ඔව්නෙ සුදු බෙබි ආපහු එනවනේ..... ආන්න සුදු බෙබි සපු බෙබිට  තැග්ගකුත් තියලා ගියේ සුදු බෙබි එනකම් සපු බෙබිට සුදු බෙබිව මතක් වෙන්න තියා ගන්න....."

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now