26 කොටස

1.3K 165 11
                                    

දන්නවද හාදුවකට පුලුවන් කෙනෙක්ව ඒ තුලම අතරමං කරන්න. තමන්ගෙ වටෙ වෙන දෙවල් පවා දැනෙන්නෙ නැති කරන්න. හැබැයි ඒ, ඒ හාදුව ඇතුලත අවංක ආදරයක් තියෙනවානම් විතරයි. එහෙම හාදුවකට පුලුවන් ආත්මයක්ම නිමලා දාන්න. හිත තුල හැංගිලා තියෙන රාගෙයේ ගින්න ලෝ දිය බවට පත් කරලා ගිනි ගෙන වාන් දාන්න සලස්වන්න. හිතේ තියෙන ආදරෙ මෙන්න මේ තරම් කියලා හාදුවකින් දැනෙන්න දෙන්න.

අපේ ආදරෙ පලවෙනි හාදුව. මීට කලින් මට සුදු බෙබි හාදුවක් තියලා තිබ්බත් එක අපි දෙන්නගෙම කැමැත්තෙන් උන දෙයක් නෙවෙයි. මම දන්නවා එදා සුදු බෙබි උනත් මාව කිස් කරෙ එයාගෙ හිතට ආව ආවේගෙට. එත් දැන්, දැන් එහෙම නැ මේ හාදුව ඇතුලේ තියෙන්නෙම, අපි එකිනෙකා වෙනුවෙන් තියෙන ආදරෙ. වාරන දලා හිර කරන් නොගෙන පිටතට දාන ආදරෙ. ඉතින් මෙක නෙවෙයිද අපෙ ආදරෙ පලවෙනි හාදුව වෙන්න ඔනි.

සිප ගැනිමට මම මුල් පිරුවත්. සුදු බෙවි හාදුව එයා යතට ගත්තේ මමත් එයාට ඉඩ දෙද්දි. විනාඩි ගානකට ඒ සිප ගැනිම ඇදිලා ගියේ අපි දෙන්නටවත් නොදැනයි. හුස්මක් හොයන පෙනහලු වලට ඔනි දෙයක් කර ගන්න කියලා අපි දෙන්නා හුස්ම හිර වෙනකම්ම සිප ගැනිම ඇදගෙන ගියා. සමහරවිට අපි දෙන්නම එ හාදුවෙන් පිට කරන්න ඇත්තේ අපි දෙන්නගෙම හිතේ අපි දෙන්නාට දෙන්නා නැති වෙයි කියලා ඇති උන බය වෙන්න ඇති. දීර්ඝ සිප ගැනිමකට පස්සෙ පෙනහලු වලට තවත් දරා ගන්න බැහැ කියලා අපිටම තෙරුම් කෙරුව නිසා අපි දෙන්නා තොල් වලින් මිදුනා.

මගෙ ඇස් දිහාම බලන් මගෙ තොල් දිගේ සුදු බෙබි ඇගිල්ලක් අරන් ගිහින් පිරිමැද්දේ මට මගෙ තොල් දනවා කියලා දැනෙද්දි. මෙච්චර වෙලා කිසි ගානක් නැතුව මම ඔහෙ කිස් කරන් ගියත් දැන් මය පොඩ්ඩ පොඩ්ඩ ලැජ්ජවක් දැනිගෙන ආවා. සුදු බෙබිගෙ බැල්ම පවා දරා ගන්න බැරි උන මම ඇදෙන් බැහැලා යන්න ගියා.

පුදුමයි සොෆා එකෙ නිදා ගත්ත මම ඉන්නෙ ඇදේ. එත් සුදු බෙබිටනම් මාව උස්සන් එන්න බැ මොකද එයාගෙ කකුලත් බැනෙ. එතකොට කොහොමද මම ඇදට ආවෙ. එවත් හිතන ගමන් මම මුන බිමට හරවන් ඇදෙන් බහින්න හැදුවා. එත් සුදු බෙබි මාව එයාගෙ ඇගට බැරි අතින් නැතුව අනිත් අතින් ඇදාඅ තුරුල් කර ගත්තම මම ලැජ්ජාවටම එයාගෙ පපුවේ මුන ගහ ගත්තා.

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now