44 කොටස

984 103 7
                                    


"උඹ සුපුනිව බැන්දා කිව්වම මට පුදුමයි බන්...."

"එක මම කැමත්තෙන් කර ගත්ත දෙයක් නෙවෙයි සපු බෙබි..... ගෙවල් වලින් කතා කරපු නිසා බැන්දා...."

"එතකොට දිනිතිට මොකද උනේ බන්....."

"උබ දන්නවනේ සපු බෙබි මම ආදරෙ කරේ එකිට කියලා..... එත් එකිට ගෙදරින් කොල්ලෙක් හෙව්වම ගෙදරට විරුද්ධ වෙන්න බැරි උනා.... ඉතින් අන්තිමට මට සමාවෙන්න කියලා එකි අම්මලා හොයලා දුන්න එකාව බැදගෙන නුවර පැත්තේ පදිංචියට ගියා..... අන්තිමට ඉතින් මටත් කරන්න දෙයක් නැතිම තැන ගෙදරින් කතා කෙරුව සුපුනිව බැන්දා....."

"ඉතින් එකි කැමති උනාද බන් උබව බදින්න....."

"එකිට අකමැත්තක්වත් කැමැත්තක්වත් තිබ්බෙ නැ බන්.... එකි හරියට හිටියේ පිදුරු ගහක් හරි කමක් නැ ගහන් යනවට එල්ලෙන්න බලාගෙන....."

"අනේ මන්දා බන්..... ඉතින් උබලා දැන් සතුටින්ද......"

"මුලදි මුලදි මම සුපු එක්ක එච්චර හිත හොදින්නම් හිටියේ නැ..... එත් පහු වෙන්න වෙන්න එකි මන් ගැන හොයලා බලන විදිහටයි කරදර වෙන විදිහටයි මට ඉබෙම එකිට කැමති හිතුනා..... අර කතාවකුත් තියෙනවානේ බන් සපු බෙබි..... අපි කොච්චර මොකාට නැහිගෙන ආදරෙ කරත් උරුමක්කාරයා වෙන්නෙ සංසාරෙම පතන් එන එකා කියලා....."

එළියේ ගිනි ගොඩක් ගහගෙන මඤ්ඤොක්කා අල පුච්චන සුදු බෙබිලා ලගට මොනාහරි දැම්ම පිගානක් ගෙනත් දිලා යන සුපුනි දිහා බලන් සුරංග එහෙම කිව්වේ හිනා වෙලා.

උගේ ඒ හිනාවෙන්ම තෙරුම් ගන්න පුළුවන්. දිනිතිව අත් හැරුන එකට ඌට දැන් දුකක් නැ වගෙම සුපුනිව බදින්න උන එකට පසුතැවිමකුත් නැ කියලා.

සුරංග දිහා බලන් හිටිය මගෙ ඇස් ඉබෙම නැවතුනේ සුදු බෙබි ලගට. දුම් දාන මඤ්ඤෝක්කා අලයක් කටින් පිඹ පිඹ සුද්ද කරන්න දගලන සුදු බෙබි දැක්කම ඉබෙම මගෙ මුනටත් හිනාවක් ආවා.

"උබ බය වෙන්න එපා..... උබ ආදරෙ කරපු එකාම තමා උබෙ උරුමක්කාරයා..... සුදු බෙබි අනිත් උන් වගෙ මගදි හැරෙන එකෙක් නෙවෙයි..... මැරුවත් කවදාවත් අල්ල ගත්ත අත අත් අරින්නෙ නැති එකෙක්..... ඒ අතිනුත් උඹ හෙන වාසනාවන්තයි බන්......"

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now