ස්පොට් මීට් එක ඉවර වෙලා කාලේ ඉක්මනට ගෙවිලා ගියේ. අවුරුදු උත්සවයට දින ලන් කරමින්. සහස්න දිමුතු වගෙම තව අපේම පංතියේ සංගිත කරන කොල්ලෙක් එක්ක එකතු වෙලා සර් මට භාර දුන්න අයිටම් එකත් අපි හොදටම පුරුදු උනා. ඉතින් අද අවුරුදු උත්සවේ නිසා ඇදන් යන්න ඔනි සරමක් නිසා මම උදේම නැගිටලා එක ඇගෙ පටල ගන්න කට්ටක් කැවේ වලව්වෙදිවත් සුදු බෙබි වගෙ මම සරම් ඇන්දේ නැති නිසා. අත් දිග ලා නිල් නිල් පාට ශර්ට් එකට දුබුරු පාට බතික් සරමක් මම ගත්තේ සුදු බෙබි එක්කම ගිහිල්ලා. සුදු බෙබිනම් අදින්න තිබ්බෙ දෙමළ කෙනෙක් වගෙ ඉතින් එයත් රතු පාටම අත් දිග ශර්ට් එකට කලු පාට ඉරක් ගියපු සුදු සරමක් ගත්තේ.
"සපු ඔයා ඇදගෙන ඉවර- තාම ඇන්දගෙන ඉව්‍ර නැද්ද මෙච්චර වෙලා මොකක්ද කරෙ......"
අදින්න බැරිම තැන මම සරමත් ගලවලා අරන් ශොට පිටින් ඇද උඩ ඉද හත්තේ සුදු බෙබි මගෙ කාමරෙට එද්දි.
"මට අදින්න බැනෙ අනේ......"
මම සුදු බෙබි දිහා බලන් තොලත් නොපිටෙට පෙරලන් කිව්වෙ සුදු බෙබි හිනා වෙලා මන් ලගට එද්දි.
"හොද වැඩෙ ගෙදර ඉද්දිවත් සරමක් ඇන්දා ඇයි..... කෝ එනවා මෙහෙට මම අන්දන්න......"
මාව ඇදලා ලගට අත්ත සුදු බෙබි එයා ඇද උඩ ඉදගෙන මට සරම අන්දන්න ගත්තේ මම සුදු බෙබ දිහාම බලන් ඉද්දි. සුදු බෙබිගෙ හිනි දිග ඇගිලි මගෙ ඉන දිගෙ ගැවෙද්දි දැනෙන කිතියට මම එහාට මෙහාට ඇඹරුනාම සුදු බෙබි මන් දිහා කට කොනින් හිනා වෙලා බලලා සරම අන්දන්න ගත්තා. අන්තිම අරෙහෙන් මෙහෙන් මොකක්ද මන්දා කරලා මට සරම අන්දලා ශර්ට් එකත් පහලට ඇදලා හැදුව සුදු බෙබි ඇදෙන් නැගිටලා මන් දිහා බලන්න ගත්තා.
"අද සපු මේ කිට් එකට හුගක් ලස්සයි..... එක නෙවෙයි කෝ ගිහින් ඔයාගෙ බෙල්ට් එක අරන් එන්න නැත්තම් ඔයා ඔක කඩා ගනිවත් ස්කොලෙදි....."
අල්මාරියෙන් නම බෙල්ට් එකක් අරන් දුන්නම. සරම උඩින් බැදලා තද කරපු සුදු බෙබි මන් දිහා ආයෙත් ටිකක් වෙලා බලන් ඉදලා එයා ඇදන් හිටිය ශොට් එකට යටින් එයගෙ ෆොන් එක ගත්තා.
YOU ARE READING
SAPU Yizhan | Nonfiction (Completed)
Fanficඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 Start : 04 february 2024 End : 28 august 2024 1# bl s...