ලොකු හාමු කිව්ව නිසාම මම කැම මෙසෙ කන්න ඉද ගත්තත් නැත්තම් අදත් මම ලැස්ති උනේ කුස්සියට වෙලා කන්න. හැමොම ඇවිත් කැම මෙසෙ ඉදන් ඉද්දි සුදු බෙබි විතරක් ටිකක් එන්න පරක්කු උනා. එයා එනකම් අපි බලන් ඉද්දි කැම කාමරෙට ඇවිත් වටෙම ඇස් අරන් ගිය සුදු බෙබි මන් ලගම පුටුවේ කවුරුත් නැති නිසා මන් ලගින් ඉද ගත්තේ මෙගනා එයා ඉදන් හිටිය තැනින් නැගිටලා සුදු බෙබි ලගට එද්දි.
"කෝ ඉන්නකෝ මම සුදු අයියට කැම බෙදන්නම්......"
ලොකු මැනිකේ ලොකු හාමුට කැම බෙදලා ඉවර උනාම අනිත් අයත් බෙදා ගන්න ගද්දි මෙගනා සුදු බෙබිට කැම බෙදන්න හැදුවා.
( සලාං)
"මොන කරුමයක්ද යකෝ මෙක...... මොකක්ද ඔයි මෙගනා තමුසෙට වෙලා තියෙන්නෙ...... කොයි වෙලෙ බැලුවත් මගෙ ඇගෙම එල්ලෙන්න එන්නෙ මොන රෙද්දකටද...... මම තමුසෙට කැම බෙදලා දෙන්න කිව්වේ නැනෙ..... මට අත් දෙකක් තියනවා.... මට කන්න ඔන්නම් මන් බෙද ගන්නම්...... අනික තමුසෙට මම කී පාරක් කිව්වද ඔනිවට වඩා මගෙ ඇගෙ එල්ලෙන්න එන්න එපා කියලා...... කන්න ආවමත් නිදහසක් නැ..... මොන කරුමයක්ද මෙක...... ශික්..... මට ඔනි කැමක් නැ..... ඔනි එකෙක් කාපල්ලා......"
සුදු බෙබි එයාගෙ ඉස්සරහා මෙසෙ උඩ තිබ්බ පිගාන පොලවේ ගහලා කුඩු කරලා කැ ගහන්න ගත්තේ අපි හැමොම ගැස්සිලා එයා දිහා බලද්දි. ඇගිල්ලත් උරුක් කරලා මෙගනාට බැන්න සුදු බෙබි යන්න ගියේ මෙගනා බිම බලාගෙන අඩන්න ගනිද්දි. ලොකු හාමුනම් කිසි දෙයක් උනේ නැ වගෙ කන්න ගද්දි තෙමිය බෙබිලත් බැන්නෙ එයාගෙ නංගීට නෙවෙයි වගෙ කැම කැවා. අහස්නානම් මටත් ඇස් ගහන ගමන් හිනා වෙනවා. එත් මමනම් තාම බලන් හිටියේ සුදු බෙබි යන්න ගිය දිහා.
"බලන්නකෝ අපේ මහත්තයා සුදු පුතා කරපු දේ..... මේ ළමයා එයාගෙ හොදටනේ කැම ටික බෙදලා දෙන්න ගියේ..... අනෙ මන්දා සුදු පුතාට මොන යකා වැහිලද කියලා...... මමනම් කියන්නෙ කොලඹ ගිහින් තියා ගෙන ඉන්න එවුන් නිසා තමා සුදු පුතා ඔය විදිහට උනේ......"
මෙගනා ලගට ගිය ලොකු මැනිකේ මෙගනාව පපුවට තුරුල් කර ගන්න ගමන් විස්සොප වෙන්න් ගත්තේ වෙනදා වගෙම ඒ කතාව මගෙ පිටින් යන්න යද්දි.
YOU ARE READING
SAPU Yizhan | Nonfiction (Completed)
Fanfictionඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 Start : 04 february 2024 End : 28 august 2024 1# bl s...