36 කොටස

1.1K 140 32
                                    

"සපු....."

"ම්හ්ම්...."

"ඔයාට අමාරුයිද....."

ඊයේ රැ උන දෙයින් පස්සෙ සුදු බෙබි හොරෙන්ම මාව උස්සන් වලව්වට එන්න ආවා. ගෙදර එක්කන් ඇවිත් රස්නේ වතුරෙන් මාව පිහදලා මට පෙයින් කිලර්ස් දුන්නත් මොකද උදේම ඇහැරුන මම පිට කොන්ද, බඩ වගෙම පිටි පස්ස රිදෙන්න ගද්දි ඔහෙ ඇදේ ගුලි වෙලා නිදා ගෙන හිටියා.

වෙනදා වගෙ නැතුව මටත් කලින්ම උදේම ඇහැරුන සුදු බෙබි මගෙ බඩෙ යටි පැත්තයි පිටයි අත ගාන ගමන් අමාරුයිද ඇහුවේ මම එයාගෙ පැත්තට හැරුලා සනිපෙට ගුලි වෙද්දි.

"රිදෙනවනේ සුදු බෙබි....."

"අනේ බබා.....මට  සමාවෙන්න සපු..... ඊයේ රැ මට මොනවා උනාද කියලා මමවත් දන්නෙ නැ..... මම බය උනා මැනික මට ඔයාව නැති වෙයි කියලා....."

"ඉතින් දැන් මම සුදු බෙබිගෙම නිසා ඔයාට මාව නැති වෙන එකක් නැනේ....."

මම එහෙම කියලා සුදු බෙබිගෙ පපුවට හාදුවක් තියන ගමන් ඒ රස්නෙ පපුවට කම්මුලක් හෙත්තු කර ගත්තේ ඒයා මගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවන ගමන් මගෙ හිස් මුදුනට හාදුවක් තියලා මගෙ පිට අත ගාන්න ගනිද්දි.

"සපු..... කෝ ඉන්න බබා..... මම ඔයාට ඉගුරු දලා තේ එකක් හදන් එන්නම් ම්ම්ම්...... ඔයා චුට්ටක් නිදා ගන්න...."

"එත් සුදු බෙබි මැනිකේ අත්තම්මා....."

"බූම දානෙට කලින් අපි යමු ම්ම්ම්..... දැන් චුට්ටක් ඔයා නිදා ගන්නකෝ..... මම ඔයාව ඇහැරවන්නම්....."

එහෙම කිව්ව සුදු බෙබි මගෙ නලලටත් හාදුවක් තියලා තොල් වලටත් චුටි පෙක් එකක් තිය‍ලා ඇදෙන් බැහැලා යන්න ගියේ බැලැන්කට් එකෙන් මාව හොදට පොරවන ගමන්. ඇගෙ අමාරුවට මම සුදු බෙබිගෙ කොට්ටෙත් අරන් බඩට තුරුල් කර ගන්න ගමන් ආයෙත් නිදා ගත්තා.

පැයක් විතර තව නිදා ගත්ත මම ඇහැරුනේ සුදු බෙබි ඇවිත් කතා කරපු නිසා. උණුම උණු ඉගුරු දැම්ම තේ එකක් එක්ක කන්න ක්‍රිම් බනිස් එකක් අරන් ඇවිත් තියෙද්දි මම කල්පනා කරෙ මේ උදේම ක්‍රීම් බනිස් කොහෙන්ද කියලා.

"සපු කෝ හිමිට නැගිටින්න..... කට සොද ගෙන මේ තේක බොමු ම්ම්ම්..... එතකොට ඇගේ අමාරු ගතිය නැති වෙයි....."

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now