29 කොටස

1.3K 140 27
                                    

ලොකු හාමු එහෙම කියලා කොල් එක කට් කරද්දි මමයි සුදු බෙබියි මුනට මුන බලා ගත්තා. මම ඔය සියාපප්පා කියන කෙනාව කවදාවත් දැකලා නැ. දකින්න කොහොමද එයා මන් ඉපදෙන්නත් කලින්නෙ රට ගිහින් තියෙන්නෙ. ඒ ගියාට පස්සෙ ආය ලංකාවට ඇවිල්ලම නැ මම දන්න් විදිහට. ලොකු හාමුට කොල් කරලා කතා කරනවා ඇහිලා තිබ්බත් මම කටහඬවත් අහලා නැ. අනික මම දන්න විදිහට ලොකු නිලමේ හෙන නපුරු චරිතයක්ලු. දැන්නම් මටත් බය හිතෙනවා. මාව දැකලා මොනා කියයිද මන්දා එයා. එයාගෙ දුවට උන බලහත්කාරකම ප්‍රතිඵලයක් මන් කියලා දැන ගත්තොත් එයා මාව පන්නලා දායිද මන්දා.

"සුදු බෙබි ඒ ඒයා......"

"මම ශොක් වෙලා ඉන්නෙ සපු......"

"අනේ මට බයයි සුදු බෙබි..... කුසුමාම්මා මට දවසක් කිව්වා ලොකු නිලමේ නපුරුයි කියලා...... එක ඇත්තද සුදු බෙබි....."

"එකනම් මම දන්නෙත් නැ සපු...... මමවත් තවම සියාපප්පාව දැකලා නැ...... බය නැතුව ඉමුකෝ වෙන දෙයක් වෙයිනේ ම්ම්ම්ම්......"

"හ්ම්ම්....."

සුදු බෙබි මාව තුරුල් කරන් නලලට හාදුවක් තියලා නිදා ගන්න ගත්තේ මම නින්දක් නැතුව හදිස්සියේම එන සියාපප්පා ගැන කල්පනාවට වැටෙද්දි. කල්පනා කරලම කරලම අන්තිමට කොහොම හරි නැවතුනේ එයා මාව වලව්වෙන් පන්නලා දායි කියන තැනින්. කොයි වෙලෙ මට නිදන්ද ගියාද කියන්න මන් දන්නෙ නැ මම ඇහැරුනේ සුදු බෙබි උදේම කතා කරද්දි.

"සුදු බෙබි....."

"නගිටින්න සපු අද අපි යන්න ඔනි......"

සුදු බෙබි කියනකොටයි මට මතක් උනේ අද අපි යන්න ඔනි නෙද කියලා. ඉක්මනට වොශ් රුම් එකට ගිහින් වොශ් එකක් දා ගත්ත මම එලියට ඇවිත් ඇදුමක් ඇද ගත්තේ සුදු බෙබි අරන් යන්න අපි දෙන්නගෙම බඩු ටිකක් පැක් කරලා තියෙද්දි. ඇදුමත් ඇදගෙන ලැස්ති වෙලා බැග් දෙකත් අරන් මම සාලෙට ආවා.

"අඩෝ ඇයි දන්නෙ නැ ලොකු නිලමේට එක පාරම ලංකාව මතක් වෙලා තියෙන්නෙ....."

"දන්නෙ නැ බන් අප්පච්චි උදේම කොල් කරලා ආදම එන්න කිව්වා...... ඊයේ රැ දවස් දෙක්කින් එනවා කිව්ව සියාපප්පා හෙට එනවා කියලා උදේ කොල් දෙනවා...... මට තෙරෙන්නෙ නැ බන් අවුරුදු ගානක් රට හිටිය කෙනා එකපාරම එන්නෙ ඇයි කියලා....."

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now