04 කොටස

1.5K 203 9
                                    

අපි දෙන්නම ඇලට වැටුනම මන් උස නැති ඇලේ වතුර තිබ්බෙ මගෙ බෙල්ල ගාවට විතර එ නිසාම සුදු බෙබ් මාව උස්සලා අල්ල ගත්තම මම බයටම කකුල් සුදු බෙබි ඉන වටෙ පටලන් බෙල්ලෙ වටෙ අත් බැදගෙ ඇස් පියන් උරහිසට ඔලුව තියා ගත්තා. මොකද මන් වතුර හරි බයයි. සුමි නැන්දගෙ පුතා මැරුනේ මේ ඇලේ ගහන් ගිහින් ඉතින් එදා ඉදන් මම ඇලෙ නාන්න හරි බයයි. සපුව ගහන් ගිහින් සපුට මොනාහරි උනොත් සුදු බෙබිට සපු කෙනෙක් නැති වෙනවනේ එ නිසා මන් බයයි.

"සපු ඔයා බය උනාද....."

"ම්ම්ම්ම්....."

"හරි හරි සුදු බෙබි සපු එක්ක ඉන්නවනේ..... ඉන්නකෝ අපි ගොඩට යමු......"

මාවත් උස්සන් ඇල මැද හිටගෙන මගෙ පිට අත ගාන ගමන් මගෙ බය නැති කරන්න හැදුව සුදු බෙබි මාවත් උස්සන් කලිම් හිටිය ගල ලගට නැතුව ඇලට ටිකක් ඇතින් වෙන්න තියෙන ගලන් උඩ වාඩි කරා. මාව වාඩි කරලා එයා ඇදන් හිටිය සරම සුදු බෙබි ගැලෙව්වෙ ලොකු මැනිකේ කියන නිසා සුදු බෙබි සරමක් ඇන්දන් නිතරම එයා යටට ශොට් එකක් ඇදන් ඉන්න නිසා. සමරත් ගලවලා ඇල ලගට ගිහින් සරම වතුරෙන් හොදලා අරන් එක හොදට මිරිකලා ගැසුව සුදු බෙබි බයටයි සිතලටයි වෙව්ලම මන් ලගට ඇවිත් සරම දෙපොට නමලා සරමෙන් මගෙ කොන්ඩෙ පිහදැම්මා. මගෙ කකුල් අත පයත් පිහදැම්ම සුදු බෙබි සරම මගෙ ඇග වටෙ ඔතලා මන් හිහා බලන් හිනා වෙලා මගෙ කඩෙ එයාගෙ අතින් එහෙට මෙහෙට කරා.

දැන් මම බයයි කියලා දන්න නිසාම ආයෙමත් මාව සුදු බෙබි වඩා ගත්තම මම සුදු බෙබිගෙ ඉන වටෙ කකුල් ඔතාගෙන බෙල්ල ලග මුන තියාගෙන ඇස් පියා ගත්තා. මාවත් වඩාගෙනම සුදු බෙබි ආපහු වලව්වට ආවම වලව්ව ලන් වෙන්න වෙන්න මට බය හිතුනේ මැනිකේ සුදු බෙබිව එක්කන් ගියා කියලා මට ගහයි කියලා හිතුන නිසා. අනික සුදු බෙබි දැන් තෙමිලත් ඉන්න නිසා අනිවාරෙන් මට වද කොට්ටක් කැඩෙනකම් ගහයි මම සුදු බෙබිත් නරක් කරනවා කියලා. එ නිසාම බයට මම තව ටිකක් තදට ඇස් පියා ගෙන සුදු බෙබිගෙ බෙල්ල අස්සෙ මුන ගහ ගත්තම මගෙ පිටත් හිමිට අත ගාන ගමන් මාවත් උස්සන් සුදු බෙබි ස්තොපුවට ගොඩ උනා.

"මේ මොකද මේ....."

එ කතා කරෙ ලොකු හාමු. ලොකු හාමුගෙ කටහඬ ඇහුන ගමන් මම සුදු බෙබිගෙ අතින් පැනලා ලොකු හාමු ලගට දුවලා ගියේ මේ මන් දවස් දෙක්කින් විතර ලොකු හාමුව දකින නිසා. එයා ගොඩක් වෙලාවට වව්වේ ඉන්නෙ නැ බිස්නස් වැඩ වලට යන නිසා. වලව්වේ ලොකු හාමු උනත් අනිත් මිනිස්සු එක්ක කිසි මහන්තත්ත කමක් නැතුව ලොකු හාමු කතා බහ කරලා ඉන්න නිසයි ගමෙ මිනිස්සු උනත් ලොකු හාමුට වගෙම වලව්වටත් ගොඩන් ගරු කරන්නේ. මාව හදා ගන්න ගත්ත කෙනා උනත් ලොකු හාමු මාව බලා ගන්නෙ එයාගෙම දරුවෙක් වගෙ. එත් ගිය ආත්මේ මන් මොකක්ද කරපු පවක් නිසා මට ලොකු හාමුට කට පුරා අප්පච්චි කියලා කතා කරන්න ලොකු මැනිකේ තහනම් කරා. එ තහනම් කරත් ලොකු මැනිකේ ඉන්න තැන උනත් මම ලොකු හාමු ලග හුරතල් වෙන්න කවදාවත් පැකිළුනේ නැ. දුවලා ගිහින් ඉදන් හිටිය ලොකු හාමුගෙ සරම් බොක්කට මම පැන්නම ලොකු හාමු කට පුරා හිනා වෙලා මාව අල්ල ගත්තා.

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now