🤎පළමු ඇරයුම🤎

556 28 3
                                    

"ඉස්කෝලෙ ගාව බහින ළමයි ඉස්සරහට එන්ඩ........ඔයා මල්ලිලා ලත වෙන්නැතුව දැන් ම ඉස්සරහට ආවනං.......අපිට පරක්කු වෙනවා අප්පා........"

"බැහැගන්ඩ බැහැගන්ඩ.....ඔයා බස් එකට නගින්ඩ ඉන්න අය පොඩ්ඩක් ඉඩදෙන්ඩ කො අප්පා......"

"හරේ.....ඉස්සරහත් හරේ .....ඔය පිටිපස්සෙන් තව කව්ද බහින්නෙ......ඉක්මනට බැහැගන්ඩ.....හරේ යමං......."

හත් අවුරුද්දකින් වත් හෝදලා නැති මළකඩ කාපු ලංගම බස් කට්ට රොකට් එන්ජිමක් හයි කරලා වගේ යන්න ගියපු යාමට තවචුට්ටෙන් කිනිත් ට වෙන්නෙ එක කකුලක් බස් එකේම යවන්න......එච්චරට හයියෙන් අද්දන්න බස් ඩ්‍රයිවර් ඔය අද යන්නෙ ඊයෙ යන්න තිබුණු ගමනක් ද මන්දා......හතයි විස්සට ඉස්කෝලෙ ගාවින් යන ලංගම ඉස්කෝල දවස් වලට පොල් පටෝලා වගේ....... බස් එක ඇතුලට වඩා ෆුට්බෝඩ් එකේ එල්ලිලා හිටපු කොල්ලො කුරුට්ටො ගාන වැඩි හින්දා බස් එක යන්නෙම බිම ගෑවි නොගෑවි පාරෙ පැත්තකට ඇලවිලා.......උදේට රාජකාරි වලට යන අනිත් මිනිස්සු බලන් ඉන්නෙම ඉස්කෝලෙ පහුවෙනකම්........මොකද සුදු යුනිපෝම් ඇදන් සීට් වල අරක් ගත්ත එවුන් ටික බැස්සම යස අගේට ඉදගෙන යන්න පුළුවන්......හිට ගෙන ගියත් හතර වටින් ම තැලෙන්නෙ නැතුව කෙල්ලොන්ට නම් එහෙන් මෙහෙක් ජැක් වදින්නෙ නැතුව නිදහසේ යතෑකි නෙ මේ ඉස්කෝලෙ රොත්ත හින්දා තියෙන තද බදේ ඉවර උනහම........

බස් එකෙන් බැහැලා මුලින් ම කරන්න ඕනෙ දූවිලි ගසලා දාල තැලිච්ච ඇදුම හදාගන්න එක......වැස්ස දවසට නම් ආයෙ කතා කරන්න දෙයක් නෑ සුදු ඇදුම් මඩපාට වෙන්නෙ ම මේ බස් එකේ ඇවිල්ලා....ඒත් ඉතින් ඕක ඇර යන්න වෙන බස් තියෙනවා කියලද.......තියෙනව ඔය වෙලාවට නෑ........

මහ ඉස්කෝල හැමතැනම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ක්‍රීඩා පාසලක් කියලා උනාට මේක ඊට වඩා ප්‍රසිද්ධ වෙන්න ඕනෙ ඉස්කෝලෙ ස්වභාවික පරිසරය නිසා කියලාමයි කිනිත්ට හිතෙන්නෙ.......

ඊයෙ පෙරේදා කොන්ක්‍රීට් කරපු වෙල මැද්දෙන් වැටිලා තියෙන පටු පාර ඉවර වෙන්නෙ ඉස්කෝලෙ මහ ගේට්ටුව ළඟින්.......පාර දෙපැත්තෙම සමාන දුර තියලා හිටවලා තියෙන දෝතළු ගස් හැමදාම කලේ ඉස්කෝලෙට යන පාර කියපු එක......

ආරාධනා...... (ongoing) OnholdWhere stories live. Discover now