🤎පහළොස්වන ඇරයුම🤎

87 14 5
                                    

කලිනුත් කිව්ව වගේ සතුටු දවස් හරි වේගෙන් ගෙවිලා යනවා කියන එක ඔප්පු කරගෙනම තවත් සති දෙකක් ගෙවිලා ගියෙ කිනිත්ගෙ අලුත් ඉස්කෝලෙ නිවාසාන්තර තරගාවලියේ අවසාන උත්සවයට දවස් දෙකක් විතරක් ඉතුරු වෙද්දි........

අපේ යාලුවො තුන් දෙනා ගත්තොත් නම් සුවසි විතරක් වෙනස් නිවාසයකට වැටෙද්දි ලකිතුයි කිනිත් කොල්ලයි නම් එකම නිවාසෙකට වැටිලා තිබුණා...... ඉතින් ස්පෝර්ට්මීට් උණුසුම ඇතුලෙ සුවසි හිටියෙ ඇවිලි ඇවිලි...... කිනිත් කෙසේ වෙතත් ලකිතු නම් කෙල්ලව අවුස්සන එකෙන් හොඳ විනෝදයක් ගත්තා කොල්ලො දෙන්නගෙ නිවාසෙ කෙල්ලගෙ එකට වඩා ලකුණු ගනිද්දි........

ඒකෙ අනික් පැත්ත උනා කියලා වෙනසකුත් නෑ...... කොල්ලන්ගෙ නිවාසෙට වඩා කෙල්ලගෙ නිවාසෙ ලකුණු රැස් කරගද්දි හොර කලා හරි මොකක් හරි කියලා ලකිතුවා එතනත් කෙල්ලව ඇවිස්සුවා......

කෙල්ලයි කොල්ලයි ගත්තහම දෙන්නා තරග වලට සහභාගි උනේ හරියට කරට කර...... ඉස්කෝලෙ නම ගොඩක් ම ප්‍රසිද්ධ ක්‍රීඩා පාසලක් කියලා නිසාමද මන්දා හැමෝම මොකක් හරි ක්‍රීඩාවක් කලා.......

ඔන්න ඔය හේතුවයි ලකිතුට හම්බෙච්ච නිවාස නායකකමයි නිසා එක්කෙනෙක්ට නම් ලස්සනට බඩු පැකට් උනා.... වෙන කාටවත් නෙමේ අපේ කිනිතාට....... කොල්ලා හිටියෙ ශේප් එකේ ඔය තරග මග ඇරලා පැත්තකට වෙලා ඉන්ඩ උනත් නිවාස නායකයා බලෙන් ම කොල්ලව තල්ලු කරලා තිබ්බෙ අවසාන උත්සවේට දවස් දෙකකට කලින් තිබිච්ච මැරතන් එකට......

කලින් ඉස්කෝලේ දි උනත් ඔය සෞන්දර්ය තරග උත්සව වලට නැටුම් වලින් දායක උනාට කොල්ලා නම් ක්‍රීඩා වලට සහභාගි නොවිච්ච තරම්...... ඇයි ඉතින් ළමයා ඉස්කෝලෙ යන්නෙත් යන්නන් වාලේ...... ඒකත් ඉගෙන ගන්ඩ ඕනෙ නිසා.....

කොහොමහරි අපේ ලකිතුට පින්සිද්ධ වෙන්න කොල්ලට ඔන්න නිවාසාන්තර ක්‍රීඩා තරගයක සහභාගි වෙන්න අකැමැත්තෙන් හරි අවස්ථාව ලැබුණා.....

කළු ශෝටකට නිවාසෙ පාට ආර්ම් කට් එකක් ඇඳලා තමන්ට අදාල අංකෙත් බඩෙයි පිටෙයි ගහගෙන කොල්ලා දැන් දුවන්න ලෑස්තිය...... සුවසි ගත්තොත් කෙල්ල ට අද වැඩ වැඩි දවසක්..... එයාලගෙ නිවාසෙ බැජ් හදන වැඩ පැවරිලා තිබ්බෙ කෙල්ලට...... ඒ අස්සෙන් කිනිතා දුවන හින්දා එතෙන්ට යන්ඩත් ඕනෙ...... ඉතින් වැඩ අස්සෙම කිනිත් ගෙ දුක සැප බලන්ඩත් කෙල්ල අමතක කලේ නෑ......

ආරාධනා...... (ongoing) OnholdWhere stories live. Discover now