"ආයූ...... තමුසෙ දියවෙනවද මෙච්චර වෙලා....... දැන් තමුසෙට ජල සන්නියට එනවා.......""චුට්ටක් ඉන්ඩ අප්පා තාම සබන් ගානවා......"
"හා හා කරගෙන එනවකො ඉක්මනට......."
"මේ සුදු අයියේ...... ආයූ නාන්ඩ ඇවිත් තියෙන්නෙ යම්කිසි දෙයක් අමතක කරලනේ......"
"ඒ මොකක්ද..... තමුසෙගෙ වවුල් පැටිය ද....."
"නෑ නෑ අප්පා..... තුවාය...තුවාය..... අර මං කරට දා ගත්තෙ......''
"ආ ආයු.... කරට දා ගත්ත නම් කාමරේ ඉදන් ඔතෙන්ට එන ටිකට තුවායට තටු ආවද...... කොහෙද දැම්මෙ කියනවා මං අරන් එන්නම්......"
"දැම්ම තැනක් මතකත් නෑ හැබැයි....... අනුකම්පා කරලා චූට්ටක් හොයලා බලන්ඩ බැයිද....... ඈ සුදු අයියෙ....."
"වදකාර කොල්ලා..... ඔහොම ඉන්නවා මං හොයන් එන්නම්....."
මදෑ මැණිකෙගෙ පණිවිඩකාරයට වෙච්චි වැඩේ...... ආවෙ පණිවිඩයක් කියන්ඩ අන්තිමට කිරිසප්පයට කවන්ඩත් උනා..... තව ටිකකින් නාවන්ඩත් වෙයිද දන්නෑ..... අනික් අතට මැණිකෙත් ගෙදර නෑ කියලා දැන දැන මොන හිතකින් මේකව ගෙදර දාලා යන්ඩ ද...... හදිස්සියකට පණිවිඩයක් දෙන්ඩ මැණිකෙ ගාව නම් පොඩි බටන් පෝන් එකක් තිබ්බට මැණිකෙ කොහෙ හරි ගියපු වෙලාවට විස්තරයක් දැනගන්ඩ කොල්ලට පණිවිඩයක් දෙන්ඩ ක්‍රමයක් තාම ඕවිටේ මාළිගාවෙ නෑ.......
කොහොම හරි නාන්ඩ ගිය එකා එළියට ආවෙ වරු ගාණක් නාන කාමරේ අස්සෙ ලැගගෙන ඉඳලා...... සුදු අයියත් ඉතින් සුපුරුදු පරිදි එයාගෙ තනිය ෆෝන් එක හින්දා නිවා ගත්තා කොල්ලා එනකම්...
කොච්චර හදිස්සි කලත් සුදු අයියට ගෙදර යන්ඩ නම් ලොකු වුවමනාවක් තිබ්බෙ නෑ...... මේකා දැන් කීයටවත් තමන්ගෙ ගෙදර යන්ඩ එන්නෙ නෑ කියලා නාල ඇදන් ආපු ඇදුමෙන් ම සුදු අයියා හිතාගෙන ඉවරයි...... එච්චර දිගයි කොල්ලා ඇදන් ඉන්න කොට කලිසම.......
ඔයිට වඩා කොට එකක් හම්බුනේ නැද්ද කියලා අහන්ඩත් හදලා ආයෙමත් තමන්ගෙ ගෙදර ඉද්දි මොකටද කැටයම් ද නේද කියලා හිතලම සුදු අයියා කොල්ලගෙ ඇඳෙන් දිගා උනේ කොහොමත් මැණිකෙ එනකම් ම යැවිල්ලක් වෙන්නෙ නැති නිසා.....
ESTÁS LEYENDO
ආරාධනා...... (ongoing) Onhold
Ficción Generalඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න;