🤎දහඅටවන ඇරයුම🤎

63 10 6
                                    


"නින්ද ගියාද සුදු මහත්තයා..........."

"ම්ම්...... ඔව් මැණිකෙ මං ඇහැරෙව්වෙත් නැහැ........ පව්....."

"ඔහොම්මම ඇදෙන් තියමු සුදු මහත්තයා........අපෙ අප්පේ.....මේකා නිදියන් ඉන්න රඟේ..... හෙට අනිද්දා දහාට පිරෙන්ඩ ඉන්න ඉලන්දාරියෙක් කියල වත් කියන්ඩ පුළුවන්ද......"

රැළි වැටිලා වෙව්ලන වයසක අතක ඇඟිලි තුඩු සූකිරිගෙ ඉහකේ අතරින් දැනෙන නොදැනෙන ගාණට යවන ගමන් මැණිකෙ කිව්වෙ ඒ මූණ දිහා බලාගෙන.......

තමන්ගෙ අත් මැද්දෙ උණුහුමට ගුලි වෙලා හිටපු කොල්ලවත් අරගෙන සුදු අයියා පරිස්සමට ගල් තලාවෙ ඉදන් ඕවිටේ මාළිගාවට අඩි තිබ්බෙ පොඩි සද්දෙකින් හරි කොල්ලගෙ සුව නින්දට බාධා වෙයි කියන හිතුවිල්ලෙන්.......

ඇඟට දැනෙන අමුතු හීතල ගතිය රැළි වැටුණු සරීරෙට දැන් දැන් දරාගන්ඩ අමාරු බව දන්න නිසාම චීත්ත රෙද්දකුත් පොරවාන වයසක උන්දැ පිල උඩ ඉදගෙන කොල්ලො දෙන්නා එනකම් නින්දක් නැතුව බලාන උන්නා........

''මැණිකෙ අකමැතී නේද ආයු ලොකු වෙනවට......."

කොල්ලව පරිස්සමට ඇදෙන් තියලා රෙද්දකුත් පෙරවපු ලතෙත් එහෙම්ම ම ඇදේ කොනකින් වාඩි උනේ ලොකු කතාවකට මුල පුරන්ඩ කියලා හිතාන.......

සුදු මහත්තයා අහපු ප්‍රශ්නෙට උත්තරේ විදිහට මැණිකෙ කලේ බරම බර හුස්මක් පිට කරපු එක....... සමහර විට ඒ පපුව ඇතුලෙ මෙච්චර කල් ඇවිලෙන ගින්දරෙ අල්ප මාත්‍රයක් ඒ උණුහුම් හුස්ම එක්ක පිට වෙලා වා තලයට මුහු වෙන්ඩ ඇති......

''මේකා කිරිසප්පයා කාලෙ හරියකට බඩ පිරෙන්ඩ කිරි ටිකක් නැතුව අඬන කොට මං අනන්තවත් හිතුවා පුතේ කොල්ලා ඉක්මනට ලොකු වෙනවනම් කියලා...... ඒත් ටිකෙන් ටික දැනුම් තේරුම් වයසට එද්දි මට හිතුණු එකම දේ කොල්ලා කිරිසප්පයෙක් විදිහටම හැමදාම හිටියා නම් කොච්චර දෙයක් ද කියලා..... මොකද එන්ඩ එන්ඩම මා දිහා කරකව කරකව බලන ඒ කළු බෝල ඇස් වල දිස්නෙ අඩුවුණා....... මගෙ හුස්ම වැදුණත් හරි ලස්සනට කටපුරා හිනාවුණු දත් නැති වීදුරු මහේ දත් එකින් එක එන්ඩ ගන්ද්දි ඒ මූණෙ තිබ්බ හිනාව එන්ඩ එන්ඩ අඩු වුණා......

ආරාධනා...... (ongoing) OnholdDonde viven las historias. Descúbrelo ahora