🤎තුන්වන ඇරයුම🤎

175 24 4
                                    


අද නම් බස් එක පරක්කුයි හොඳටෝම.....ඉස්කෝලෙ ඇතුළට යද්දි ගාථා කියනවා....ඉතින් කොල්ලට උනේ ගාථා ඉවර වෙනකම් ගේට්ටුව ගාවට වෙලා ඉන්ඩ......

කොළත් අහුලලා පිට්ටනියෙ තණකොල ටිකකුත් ගලවලා පන්තියට දූවගෙන යද්දි ළමයි ඔක්කොම වගේ පන්තිය ඇතුළෙ......සුවසි ත් මෙච්චර වෙලා එනකම් මග බලන් හිටපු අලුත් යාළුවා දැක්කම උඩපැන්නෙ නැති ටික විතරයි......

කොල්ලටත් සුවසිව දැක්කම ලස්සන හිනාවක් ගියා.....මොනව උනත් පොඩි කාලෙ එකට සෙල්ලම් කරපු කෙල්ලනෙ මේ......

කෙලින් ම එයාගෙ ඩෙස් එක ගාවට යන්නෙ නැතුව කොල්ලා ඇවිදන් ආවෙ සුවසි ගාවට.......සිංහල පොත දෙන්න එපැයි.......කොල්ලා බෑග් එක ඇරලා කෙල්ලට සිංහල පොත දුන්නෙ ස්තූති කරන ගමන්....

කිනිත් බලාගෙන සුවසි එහා පැත්තෙ ඉදන් හිටපු කෙල්ල එහෙන් මෙහෙන් ඇන ඇන ඇඹරි ඇඹරි සුවසි ට මොනවද කියනවා......සුවසි නම් ඒ කෙල්ලට රැව්වත් එක්කද කොහෙද......

"වෙල්කම් කිනිත්......"
කෙල්ල එහෙම කිව්වෙ පළවෙනි දවසෙ වගේ බෝල කම්මුල් දෙකත් රතු කරගෙන....ඔන්න එතකොට නම් කොල්ලන්ගෙ පැත්තෙනුත් සූ ගාන සද්දයක් ආවා....

ඕක ඉතින් ඔය වයසෙ ළමයින්ගෙ හැටියනෙ.....යාළුකමට වචනයක් දෙකක් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කළත් ඇති ජෝඩු කරන්න......ගොඩක් ම ඕක තියෙන්නෙ නවය දහය පන්තිවල ළමයින්ට......ඒකනේ ගුරුවරුත් හැමදාම බනින්නෙ ඇටෙන් පොත්තෙන් එන්ඩ කලින් මගුල් විසේ ගහනවා කියලා......

කිනිත් නම් ඕවා ගණන් ගන්නැහැ......කොහොමත් ඉන්නෙ අලි ඔළුවෙන් වගේ පැත්ත ගහලා නෙ.....ඒ හින්ද තමයි ඕනෙ නයෙක් ට සූ ගාන්ඩ බැයිනම් පුප්ප ගන්න කියලා කිනිත් කොල්ලට නෙමෙ වගේ ඊයෙ පුටුවෙන් ම වාඩි උනේ .....

ඒත් ඊයෙ හිස් වෙලා තිබ්බ කිනිත්ගෙ එහා පැත්තෙ පුටුව උඩ අද බෑග් එකක් තියලා තිබ්බා......පොත් වගයක් මේසෙ සී සී කඩ.....ඒ අපිළිවෙලින් කියන්න පුළුවන් අයිතිකාරය කොල්ලෙක් කියල......හැබැයි දැන්නම් පන්තියෙ නෑ.....

කවුරු උනත් කිනිත් ට මොකද......එහෙම හිතාගෙන තමයි කිනිත් සිංහල පොත් ටික මේසෙ උඩින් තියාගත්තෙ.......ආත්තම්මගෙ බලේට ඉස්කෝලෙ එන එක වෙනම එකක්......ඒත් කරන දේ හරියට කරන්න එපැයි.......අනිත් එක කිනිතුත් හරි ආසයි ඉගෙන ගන්ඩ ......

ආරාධනා...... (ongoing) OnholdDonde viven las historias. Descúbrelo ahora