🤎නවවන ඇරයුම🤎

124 20 6
                                    

"පින්න .....දොරවල් වහගෙන යනවා දැන් ඇතුළට......."

"ගුරු පාර ගාවට වෙනකම් මන් එන්නම්......"

"ඇයි මං පොඩි එකෙක්ද මේ චුට්ට දුර යන්න බැරි වෙන්න......"

"හරි ඉතින්.....මාත් පොඩි එකෙක් නෙමේ නෙ......ලයිට් එකක් වත් නැති නිසා එන්නම්...."

"නෑ....නෑ...එන්න ඕන්නැහැ......මට ෆෝන් එකේ එළියෙන් යන්ඩ පුළුවන්........"

"හ්...හරි ඉතින්.....රවන්නෙ මොකද....."

"රෑට එළියට එන්ඩ එපා තනියෙන්.....ළඟපාත ගෙවල් මහ ගොඩකුත් නැති එකේ....කෑ ගැහැව්වත් මං හිතන්නෑ ඇහෙයි කියලා......."

"හ්ම්......"

"දැන් යනවකො හොඳ ළමයා වගේ ඇතුළට......."

වෙනදට පාළුවෙන් ගෙවන සෙනසුරාදාවට වඩා හාත් පසින් ම වෙනස් සෙනසුරාදා දවස ඉවර වෙන්ඩ ඔන්නම් පැය පහ ක් ඇති......

කිනිත්ගෙ සුදු අයියා දැන් මේ ගෙදර යන්ඩ ලෑස්ති වෙන්නෙ පැයක වෙලේ ඉදන්.....ගෙදර යන්නම් කියලා කුස්සියෙන් නැගිට්ටා නැගිට්ටාමයි ආයෙම සාලෙදි කතාවට වැටුණා....පස්සෙ ගෙදර දොරකඩ ගාව.....

රෑට කන්ඩ හද හදා ඉදපු මැණිකෙ කාලා පලයන් කාල පලයන් කියලා කියද්දිමයි ඒ ඉල්ලීම බොහෝම ආදරෙන් චාටුවෙන් ප්‍රතික්ෂේප කරපු සුදු මහත්තයා මේ යන්ඩ ලෑස්ති  උනේ......මොකද දැන් ගෙදරින් රෑට කන්නෙ නෑ කියලා යුද්ධ ප්‍රකාශ කරන්ඩ සුරේනි ටීච බලන් ඉන්නෙ කියන්ඩ ලතෙත් දන්නවා......

උදේ මෙහෙට ආපු වෙලාවෙ ඉදන් ඉක්මනට යනවා නම් හොඳයි කියලා හිත හිත හිටිය කොල්ලට දැන්නම් සුදු අයියට යන්ඩ දෙන්න මොකක්ද වගේ......ඒකයි ගුරු පාර ළඟටවත් එන්න ද කියලා ඇහැව්වෙ.....කෝ එපාලු නෙ.....ඕවිටෙන් මහනියර පටන් ගන්න තැන ඉදන් ගුරු පාර පටන් ගන්න තැනට වෙනකම් එක ලයිට් එකක්වත් නෑ.......

නෑ කියන්නෙ තියෙනවා ඒත් ඒව පත්තු වෙන්නෙ නෑ.......චන්දෙ කාලෙට වෙල නියරවල් නෙමේ සත් සමුදුරුත් තරණය කරගෙන චන්දෙ හිඟාකන්ඩ එවුන් චන්දෙ දිනලා පුටු වලට නැග්ගට පස්සෙ අන්තරස්දාන වෙනවා......ලයිට් එක නෑ කියලා ප්‍රාදේශීය සභාවට පැමිණිල්ලක් දැම්මත් මාස ගාණක් වෙනවා පැත්තම හයෙන් හයහමාරෙන් පස්සෙ කළුවරයි.......

ආරාධනා...... (ongoing) OnholdWhere stories live. Discover now