🤎දහතුන් වන ඇරයුම🤎

88 12 3
                                    


මිනිස්සුන්ගෙ ජීවිතවල එක එක කාල පරාස තියෙනවනෙ....... හරියට සමහර රටවල් වලට අවුරුද්දෙ එක එක කාලෙට ඍතු වෙනස් වෙනවා වගේ........ සුලිකුනාටු පිරිච්ච සිසිර ඍතු ගිනි ගහන දියපොදක් නොවැටෙන නියං කාල කොළ පවා පඬුපාට වෙලා පොළොවට වැටෙන ගිම්හාන ඍතු ඒ වගේම තමයි ජීවිතෙ හොඳම කාලෙ කියලා දැනෙන වර්ණවත් වසන්ත ඍතු........

ඒ එක එක ඍතු ගෙවෙන්නෙ එක එක වේග වලින්..... සමහර වෙලාවට ජීවිතේ දුෂ්කරම කාල පරාස ඉබිගමනින් යනවා වගේ දැනෙන අපිට ජීවිතෙ සතුටින් පිරුණු කාල වකවානු එහෙ බලලා මෙහෙ බලන තරම් ඇසිල්ලකින් ගෙවෙනවා වගේ දැනෙනවා........

කිනිතුත් දැන් ඉන්නෙ එහෙම අවධියක........ ජීවිතෙන් වැඩිමනතක් තැනිතලාවක ඕහේ යන්නන් වාලෙ ගලාගෙන යන දියපාරක් වගේ තමයි....... එකමතැන ජීවිතෙ නැවතිලා කියලා තේරුණා ඒ දවස් වල හොඳටම....... ඒත් දැන් මාසෙකට ළං වෙන්න එනවා අර ඔහේ ගලාගෙන ගිය දියපාර රැළි නගන්ඩ අරගෙන....... කොල්ලටත් නොදැනිම ලස්සන කඳු බෑවුම් හම්බෙලා....... සතුට කියන හැඟීම කොල්ලා විදින්ඩ අරගෙන......

ඒ සතුට අරන් ඇවිල්ලා තිබ්බෙ දේවදූතයෙක්....... එයා වෙනුවෙන් අම්මයි අප්පච්චියි එවාපු දේවදූතයෙක්........ හිස් කැන්වස් එකක ඇදපු කටු සටහනක් උනත් ලස්සන වෙන්නෙ පාට වැටුණහම...... කෑමක් උනත් වැඩිපුරම රහ කුළුබඩු රසකාරක වැටුණම....... ඒවගේ තමා ජීවිතෙත්..... සතුට තියෙන තැන ජීවත් වෙන්ඩ තියෙන ආසාව වැඩියි.......

ගත වෙච්ච මාසෙ පුරාවටම කොල්ලගෙ පුංචි ලෝකෙ සීමා එන්න එන්න ම පුළුල් වුණා...... අත්තම්මා සුදුඅයියා සුවසි සුරේනි ටීච ලකිතු ඒ විතරක් ද ලොකු මාමා පවා දැන් කොල්ලගෙ ලෝකෙ ඇතුලෙ........

ඒත් කොල්ලා බයයි...... මේ සතුටට කොයිවෙලේ හරි සීමා වැටෙයි කියලා.... ඒක සාමාන්‍යයි...... මිනිස්සු වෙනස්වීම කියන දේට කැමතියි.... ඒත් ඒවගේම බයයි....... මොකද අලුත් වෙනස් වීමක් හොඳ අතට වගේම නරක අතට හැරෙන්ඩත් පනහට පනහ සම්බාවිතාවක් තියෙනවා.......

එදා ඉරිදා දවසක්......... වෙනදා ඕනෙ තරම් වෙලාවක් නිදගන්ඩ දෙන මැණිකෙ අද කොල්ලගෙ කාමරෙ ජනෙල් පියන ඇරලා...... ළා ඉර එළිය උනත් මූණට වැටෙද්දි හරි කරදර හින්දම කොල්ලා මූණත් අමුතු කරගෙන මුනින් තලා දැම්මා........ අත පය හතර ඔළුව එක එක පැතිවල...... හරියට පොල් මලක් පොළොවෙ ගහලා වගේ....... කොල්ලට ඒ ගැන වගක් නොවුණට කාමරේට ඇවිල්ලා ජනෙල් පළුවකුත් ඇරිය කෙනාට නම් මේ හුරතල් නාඩගම නිදියන් ඉන්න විදිහ දැකලා හිනා ගියා........

ආරාධනා...... (ongoing) OnholdWhere stories live. Discover now