"යමු නේද......."
කොල්ලගෙ හීනි කෙහෙරැල් අස්සෙන් ඔළුව අතගාන මුවාවෙන් මුළු කොණ්ඩෙම අවුල් කරලා දාන ගමන් සුදු අයියා ඇහුවෙ එහෙම........
"සුවසි......."
"චූටි එයි ඔයා ගිහින් නගින්නකො වාහනේට........."
සුදු අයියට එහෙම කියලා ඉවර කරගන්ඩ හම්බුණේ නෑ......පිටිපස්සෙ දොරක් ඇරිලා එකපාරටම දඩස් ගාල වැහුණා......
ඉස්කෝලෙදි හොඳට හිටියට ලොකූව දැක්ක ගමන් කෙල්ල වෙස් පෙරලගෙන.....ඒකනෙ ඔය......චුට්ටක් ගණන් උස්සන්ඩත් එපැයි.......උදෙත් රණ්ඩු උනානෙ......
"ඔයා ආවෙ පණ්ඩිත ආච්චි......."
"තාමත් තරහින් වගේ........"
කොල්ලා කිව්වෙ සුවසි දිහා බලාගෙන......
"ම්ම්.....නගිනවකො ගිහින්......"
කොල්ලව වමේ ඩ්රයිවර් තනතුරට තල්ලු කරලා සුදු අයියත් ගිහින් වාහනේට නැගලා වාහනේ පණ ගැන්නුවා.....
කෙල්ල ඉන්නවා අතුත් බැඳගෙන පිටිපස්සෙ සීට් එකට හේත්තුවකු ත් දාගෙන.......මුණෙ නම් තාම තියෙන්නෙ තරහ පාටක්......
මග දුරක් යනකනුත් කාගෙවත් සද්දයක් නෑ.......කිනිත් පිටිපස්ස බලන කණ්ණාඩියෙන් කෙල්ල දිහා බලලා ආයෙමත් සුදු අයියා දිහා බැලුවා......සුදු අයියත් ඇයි කියල ඇස් වලින් අහද්දි කොල්ලා ඇස් වලින් ම කෙල්ල ඉන්න පැත්ත පෙන්නුවා.......සුදු අයියත් පිටිපස්ස බලලා ආයෙමත් ඉස්සරහ බලාගත්තෙ කට කොනේ හිනාව දෙන ගමන් කැබින් එක උඩ තියෙන මල්ලක් කිනිත් ට ඇස් දෙකෙන් පෙන්නලා......
දෙන්නා අතර දැන් වචන භාවිතයක් ඇත්තෙම නෑ.......සංවාදය සම්පූර්ණයෙන් ම උනේ දෙන්නගෙ ඇස් වලින්........
කිනිතුත් සුදු අයියා ඇස් වලින් කියපු එක තේරුන් ගිය හින්දම ඉක්මනට කැබින් එක උඩ තියලා තිබුණු සිලි කවරෙ ඇතුළට ඔළුව දැම්මා.......
ඇතුලෙ තිබුණෙ අච්චාරුවක්.......වෙරළු ලොවි අඹ ඇඹරැල්ලා අතරින් පතරින් අන්නාසි කෑලිත් තිබුණා......මිරිස් සැර යහමට දාලා කියලා පේන අච්චාරුව දැක්කත් ඇති කටට කෙල උනන්න......
කොල්ලට දැන් තේරෙනවා සුදුඅයියා මොකක්ද කිව්වෙ කියලා.......කෙල්ල මේ වගේ ගඩා ගෙඩි වලට කොච්චර ආසයි ද කියලා කිනිත් දැනගත්තෙ ඉස්කෝලෙට ආපු දාමයි.......ඇයි ඉතින් කෙල්ලට මේවා ගෙනත් දීලා හුරතල් කරන එක්කෙනෙක් ඉස්කෝලෙත් ඉන්නවනෙ.......
YOU ARE READING
ආරාධනා...... (ongoing) Onhold
General Fictionඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න;