කොල්ලට අද නම් ඇහැරෙද්දි වෙනදට නැති හීතලක් දැනෙන්ඩ අරන් තිබ්බා......එහාට මෙහාට හැරෙන්ඩත් බැරුව කොන්දෙන් ආපු වේදනාව හින්දා තමයි කොල්ලට තේරුම් ගියෙ දැන්නම් ඉන්නෙ කාමරේ ඇඳ උඩ නෙමෙයි කියලා......
තව ටිකක් වෙලා නින්ද ගියා නම් ගස් වලින් වැටෙන පින්නෙන්ම කොල්ලට ඇඟ හෝදගන්ඩ තිබුණා........
ළා වට එළි උනාට තාම පහේ කණිසම පහු උනා විතරයි......ගේ වටේටම මීදුම් බාලා වටපිටාව පේන්නෙත් නෑ හරියට......
මෙච්චර වෙලා නිදන් හිටපු බංකුවෙම ඉඳගත්තු කොල්ලට මුලින් ම බැලුනෙ ගල් තලාව දිහා.....
ඊයෙ රෑ සින්දු කිව්වෙ අප්පච්චි ද.......නැත්තම් ඒ ඔක්කොම කොල්ල දැකපු හීනයක් ද.......ආයෙමත් ඒ කටහඬ අහන්ඩ තිබ්බා නම්.......
හීනයක් උනත් කොල්ලට ඒක හැබෑවට ම දැනුණා.......අප්පච්චි නෙමෙයි නම් සින්දු කිව්වෙ වෙන කවුරු හරි ද.......ඒත් ඒ කවුද.......කොල්ලගෙ ඔළුව ඇතුලෙ පාන්දර ජාමෙම තිබ්බෙ ඔය වගේ ප්‍රශ්න ටිකක්..........
තාම පාන්දර නිසා කිසි සද්දයක් බද්දයක් නෑ සැරින් සැරේ හඬලන කුකුලෙක්ගෙන් ඇරෙන්ඩ........ආත්තම්මා නැගිටින්ඩ කලින් ගේ ඇතුළට යන්න හිතන් නැගිටපු කොල්ලගෙ ඇස් දෙකට මෙච්චර අහුවෙලා තිබුනෙ නැති දෙයක් බිමට වැටුණා.......
අළු පාට බෝඩරයක් ගියපු කළු සරමක්.......ඒක බිම වැටුණත් හරි මෙච්චර වෙලාවක් ඇඟට දැනිච්ච හීතල දෙගුණ තෙගුණ උනාට පස්සෙයි කොල්ලට තේරුණේ කොල්ලා මෙච්චර වෙලා ඉඳලා තියෙන්නෙ මේක පොරවගෙන කියලා.......
ඒත් මේක කොහෙන්ද මෙතෙන්ට ආවෙ......දහම් පාසලට විතරක්ම සරම ඇඳපු කොල්ල ගාව මේ වගේ සරමක් තිබ්බෙ නෑ කියන එකනම් සීයට දාහක් විශ්වාසයි......
ආත්තම්මාගෙ චීත්තයක්වත් ද......එහෙම නම් දෙකට පලලා තියෙන්න එපැයි........කොල්ලා සරම අරගෙන හොඳට දිගෑරල බැලුවා......පස්සෙ මොන හේතුවකට ද මන්දා ඉබේටම නහයට ලං කරලා බැලුවා.......සමන්පිච්ච මල් සුවඳක් ලාවට ආපු සරම නිසා කොල්ලට ටික ටික මතක් වෙන්ඩ ගත්තෙ ඊයෙ රෑ නින්දත් නොනින්දත් අතරෙ නහයට දැනුණු මල් සුවඳ........
කොල්ලා අඩියට දෙකට නියරට ගොඩ උනා.... ඊයෙ යන්න හදලත් ආයෙම නොගියපු ගල් තලාව උඩට යන්ඩ.......කෑලි කපන්ඩ පුළුවන් මීදුම මැද්දෙ ගල් තලාව් උඩට ගියපු කොල්ලා සරමත් අතේ ගුලි කරගෙන ගල් තලාව වටේටම ඇස් යැව්වා....... ඒත් කොල්ලට නෙමේ මොකුත් ම හොයාගන්ඩ පුළුවන් උනේ......
YOU ARE READING
ආරාධනා...... (ongoing) Onhold
General Fictionඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න;