"අද නම් හොඳටම පරක්කුයි ලොකූ......ගෙදරින් එන්න කලිනුත් බැනුම් අහල දැන් ඉස්කෝලෙට ගියහමත් සුරේනි ටීචගෙන් බැනුම් අහපන්කො......"
ඉස්කෝලෙ ඇතුළටම ගිහින් කාර් එක නවත්තනකනුත් කෙල්ල කලේ ලොකූට බැන්න එක......ගෙදරින් එන්න පරක්කු උනා මදිවට මගදි වාහනේ නවත්තගෙනත් හිටියා මේ මහ ලොකු අයියා.......ඒකමයි කෙල්ලට තරහ....
අර හුරුබුහුටි සුදු මූණ තරහටම රතු වෙලා......හරියට පිපිරෙන්ඩ ඕන්න මෙන්න බැලුම් බෝලයක් වගේ......."කෑ ගහන්නැතුව යනවා චූටි.....තාම ගාථා කියනවනෙ......"
තව එක්කෙනෙක්වත් එක්කගෙනම එන්ඩ ඕනෙ වුනා මිසක්කා ලොකූට ගමන පරක්කු කරන්ඩ වෙන හේතුවක් තිබ්බෙ නෑ කියන්ඩ ඉතින් කෙල්ල දන්නෙ නැහැ නෙ.......
අදාල පුද්ගලයා නම් යස අගේට අයිය නගෝ දෙන්නගෙ බහින්බස් වීම කටත් ඇරගෙන අහන් ඉන්නවා.....ඉස්කෝලෙට ආව එකවත් දැනටමත් පාරක්කු එකවත් ගැන කොල්ලට නෙමේ නිච්චියක් තියෙන්නෙ......
අලි වංසෙන් ඉන්න ලොකූගෙන් ඔයිට වඩා උත්තරයක් බලාපොරොත්තු වෙන්ඩ බැරි නිසාම කෙල්ල මූණ පුම්බ ගෙන කාර් එකෙන් බැහැල දොරත් වැහුවා මහ සද්දෙට.....ලොකූට ගහන්ඩ බැරිකමට වගේ.....ලොකූ නෙමේ තඹේකට මායිම් කලේ.....
බැහැපු කෙල්ල තියෙන තරහටම ද කොහෙද ලොකුටත් ගස්සගෙන ඉස්කෝලෙට දිව්වා.....කෙල්ලට යාළුවාවත් අමතක උනා......
"යන්නම් අයියෙ.....තැන්ක් යූ......."
කොල්ලත් දඩ බඩ ගාලා එහෙම කියාගෙනම කාර් එකේ දොර ඇරියෙ කෙල්ල පස්සෙන්ම පන්තියට යන්ඩ උනත්
"සුදූ ආ මේක අරගෙන කනවා......."
සුදු අයියා කොල්ලගෙ මැණික් කටුවෙන්ම අල්ලගෙ අතැඟිලි අස්සට හිර කලේ බෙහෙත් පෙති වගයක්.........
"මොනාද අයියෙ මේ......"
"විටමින් සී හපලා කන්න......ඔය හෙම්බිරිස්සාවයි කිබුහුම් යන එකයි අඩු වෙලා යයි......තමුසෙත් මලක් වගේනෙ හලෝ.....එක අයිස් ක්රීම් එකයි කිබුහුම් කීයක් නම් ඇරියද......"
" මං විතරක් යැ ඔයත් එහෙමනෙ එහෙම බැලුවොත් ඔයත් මලක් නෙ හුහ්......"
BINABASA MO ANG
ආරාධනා...... (ongoing) Onhold
General Fictionඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න;