"මේක හරි බඩකඩිත්තුවක් උනානෙ යකෝ...... මං තොපේ පෞද්ගලික රියදුරා ද.... දවල් ට කන්නත් එක්ක ම කලින් එන්න කියලා කියද්දිත් මට පොඩ්ඩක් හිතන්න තිබුණා...... ගෙදරට ගෙන්නගෙන පොල් ගාව ගත්තා ඔක්කොමත් හරි අර ඇඬෙන වැඩෙත් කරන්න උනා..... දැන් මේ ලදරම එළවන්න මට දීලා මුන් දෙන්න පිටිපස්සට වෙලා හොඳට නිදි...... එල තිශා උඹ ගැන තියෙන මිත්‍ර ප්‍රේමෙ උතුරා දෝරෙ ගලා යන්නෙ මේ වෙලාවට තමා.... අර දමයන්ති මැණිකෙ දන්නව නම් ගලගම වලව්වෙ ඊළඟ මහ හාමු වෙන්ඩ ඉන්න මනුස්සයා එදිරිසිංහලට පොල් ගානවා කියලා ඒ මදිවට රියදුරු කම් කරනව කියලා අපේ අම්මා වහ කයි........ "
"ඔය කියවිල්ල නවත්ත ගනින් බන්..... මේකා ඇහැරෙනව දැන්..... කොල්ලා උඹේ කට කැඩිච්ච වක්කඩයක් වගේ කියන එකේ වැරැද්දක් තියෙනවද ඉතින්..... පුදුම කන්දොස්කිරියාවක් නේ....."
සුදු අයියා කිව්වෙ නින්දෙන් ම බෙල්ල කඩා වැටෙන කොල්ලව තමන්ගෙ ඇඟට හේත්තු කරගන්න ගමන්...... හවස හතර කිව්වට පහමාර වෙද්දි තමයි තුන්ගොල්ලො නුවරින් එන්ඩ පිටත් උනේ.....
එන මග දිගට සුදු අයියගෙ යාළුවගෙ කට ට නම් නිවනක් තිබ්බෙ ම නෑ....... පුදූම අඳෝනාවක්.......
අප්පච්චි වැදගත් දෙයක් කියන්ඩ කතා කලා කියලා මනුජව සුදු අයියා කුස්සියට යවලා තියෙන්නෙම එයා ලව්වා දවල්ට උයන්ඩ පොල් ගාවගන්ඩ..... ඉතින් මනුජට පුළුවන් ද අර පොලිස් පියතුමාට කට ඇරලා බෑ කියන්ඩ...... ඔන්න බැරි බැරි ගාතෙ පොල් ටික ගාලා දුන්නා කියමුකො...... මෙන්න අප්පච්චි රතු ළූණු වට්ටියකුත් ළඟට කරලා පොතු ගහන්ඩ කියලා...... කුස්සියෙ ඉදන් කයිවාරු කාරයා එළියට ආවෙම හොටු යි කඳුළුයි පෙරා ගෙන.......
ඒ වෙලාවෙ ඉදන් ආඩපාලිය...... ඒ අස්සෙ පිටිපස්සෙ සැපට ඉඳගෙන යන ජෝඩුවට ඩ්‍රයිවර් කම් කරන්ඩත් වෙලා....... දැන් නිදියන් හිටියට තිශාක්යගෙ පොඩි බෝම්බෙත් මනුජ දිහා බැලුවෙම හොඳ වැඩේ තමුසෙට ඔහොම වෙලා මදි කියන මූණෙන්........
"ඇත්තමයි තිශා රාජකාරි වැඩේ නිසා ඇරෙන්ඩ මං මේ ගමන උඹලා එක්ක නම් එන්නෑ....... "
"හරි හරි බන් උඹට මං සලකන්නම්..... "
"අනේ මේං වැන්දා මචං .... මේ සලකන විදිහ හොඳටෝම ඇති...... "
ESTÁS LEYENDO
ආරාධනා...... (ongoing) Onhold
Ficción Generalඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න;