"යමු ගිහින් දාලා එන්නම් මං....... මැණිකෙ බලන් ඇති මොකද පරක්කු කියලා.......""හ්ම්....."
"ඇයි මොකෝ ළමයට යන්න අදහසක් නැද්ද......"
"එහෙම නෑ ඉතින්..... මේ..... මේ.... අයියෙ....."
"ම්ම්..... ඕනෙ දෙයක් කියනවා.....තමුසෙ හැසිරෙන්නෙ මං පිට එකෙක් වගේ නෙ......"
"ඔයාට දැන් මොකක් හරි වැඩක් තියෙනවද...... මං කියන්නෙ මේ මාව දාලා ආවයින් පස්සෙ...."
"ම්හූ..... එහෙම විශේෂ වැඩක් නෑ..... ඇයි...."
"එහෙනම් ඔයා එක්ක අරකත් අරන් එනවද"
සුදු අයියා එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නෑ....... පන්තිය ඉවර වෙලා ගොඩක් වෙලා උනත් කොල්ලට නෙමේ ගෙදර යන්ඩ සිහියක් තිබුණෙ.... රෑ වෙලා නිසයි මැණිකෙ බය වෙන නිසා හෙට ඉදන් ආයෙමත් ඉස්කෝලෙ නිසයි සුදු අයියා කොල්ලව ගෙදරට දාන්ඩ යන්ඩ ලෑස්ති උනහම ඒකටත් කොල්ලගෙ අදිමදිය......
ඒ පාර කාමරේ පැත්තක එල්ලලා තිබ්බ ලතෙත්ගෙ හොඳම සගයා කිව්වත් වැරදි නැති ගිටාර් එක පෙන්නලා ඒකත් අරගෙනම යමු කියද්දි නම් මෙච්චර වෙලා කියන්ඩ තැටමුවෙ මොකක්ද කියන දේ සුදු අයියගෙ මොලේට ගියා......
"ම්ම්...... ළමයට සින්දු අහන්න ඕනෙ වෙලා වගේ......"
මූණෙ ඇඳගත්තු ළා හිනාවත් එක්ක සුදු අයියා එහෙම කියද්දි කොල්ලව ආයෙමත් රතු උනේ ලැජ්ජාවට.......
"යමු මන් ලෑස්ති වෙලා ඉන්නම්..... මෙකත් චූටි ට හොරෙන් කාර් එකට රිංගව ගන්න ඕනෙ..... නැත්තම් ඒ වට්ටිඅම්මටත් එන්න ඕනෙ වෙයි......"
කමක් නෑ සුවසිවත් එක්කගෙන යමු කියලා කියන්ඩ ඕනෙ උනත් මොකක්දෝ මන්දා යටි හිතම විතරක් දන්නෙ හේතුවක් නිසා කොල්ලට ඕනෙ උනේ නෑ ගල් තලාව උඩ ඒ දෙන්න ම විතරක් බෙදාගන්න විඳින හෝරාවට තුන්වැන්නෙක් වත් දායක කරගන්ඩ...... ඒනිසාමයි ඔළුවත් වනලා කොල්ලා ආයෙමත් පහළට බැස්සෙ....
සුවසිටයි ලකිතුටයි දෙන්ඩ කියලා දුන්නු බූන්දි මල්ල තාමත් කොල්ලගෙ අතේ..... පහළට ගිහින් බලද්දි ලකියා මාරු......
සුරේනි ටීච කුස්සියෙ ඉන්න නිසාම කොල්ලත් හිමීට කුස්සිය පැත්තට ගෑටුවෙ සුරේනි ටීච ට යනවා කියන්ඩ ......
YOU ARE READING
ආරාධනා...... (ongoing) Onhold
General Fictionඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න;