"ආර්හ්........අපි දැන් ඇඟ පිහිදන්නෙ තවුසෙගෙ හඩු සරමෙන් ද ලතෙත් !!!!!!!!! "හඩු සරම කිව්වට මොකද කොල්ලට ඇඟ පිහිදන්ඩ උනේ ඒකෙන් ම තමයි........ නාන්ඩ කියලා මහ ලොකුවට එක්කරන් ආවට මොකද සුදු අයියා තුවාය විතරක් නෙමේ නාලා අඳින්ඩ කියලා ඇඳුමක් වත් අරන් ඇවිත් නෑ.......
නාන්ඩ ඇඳපු තෙත කොට කලිසමටම ඇදන් ආපු ටීෂර්ට් එක ඇඳගෙන ආයෙමත් ගෙදර පැත්තට එන මගදිගට කොල්ලා කලේම සුදු අයියට රවපු එක......
ඒත් කොල්ලගෙ හිත ඇතුලෙ තව ප්රශ්නයක් ඉපදිලා තිබුණා...... හඬු ගඳ ගහන සරම කිව්වට මොකද ඒකෙන් ළාවට ආපු පිච්ච මල් සුවඳ කොල්ලාගෙ මතකයෙන් වැළලිලා ගිය එක්තරා සිදුවීමක් ආයෙම ගොඩට අරගන්ඩ සමත් වෙලා තිබුණා.......
"සුද්දො..... සරමත් තෙතයි...... මේකත් වතුර බේරෙනව.... ඇඳගන්ඩ ඇඳුමක් දෙනවකො......."
"ඔය සද්දන්ත සරීරෙට මගෙ ඇඳුම් හරියයි ද අනේ........ අපේ මැණිකෙගෙ මල් වැටුණු චීත්තයක් තමා දෙන්ඩ වෙන්නෙ......."
කොල්ලා එහෙම කිව්වෙම සුදු අයියා මල් වැටුණු චීත්තයක් ඇඳන් ඉන්න විදිහ හිතේ මැවිලා ඒකට හිනා වෙවී......
"නෑ...... එක්කො මන් මෙහෙන් ම ඉන්නම්....."
"ඔහොම ඉන්නකො පොඩ්ඩක් බලන්න..... ඔහොම සීතල පිටින් ඉඳලා මොනා හරි ගල් වුනොත්......."
අන්තිම ටික තමන්ටම කියාගෙන කොල්ලා කාමෙරේට රිංගුවෙ සුදු අයියට අඳින්ඩ පුළුවන් විදිහෙ දෙයක් කොල්ලා ගාව තියෙනවනෙ කියලා මතක් වෙලා.....
දොර දෙකේ පරණ අල්මාරියෙ එක පැත්තකට වෙන්ඩ පරිස්සමට නමලා අරන් තිබ්බ කළු සරම අතට ගත්ත කොල්ලා ඒක නහයට ලං කරලා පෙනහළු පිරෙන්ඩ බර හුස්මක් ගත්තා...... ඒකෙන් ආපු පිච්ච මල් සුවඳ දැන් නම් එන්නෙම නැති තරම්.........
"ආ සුදු අයියෙ මේක ඇඳගන්ඩ........"
කොල්ලා සරම අයියගෙ අතට දුන්නෙම ඒ මූණ දිහා බලාගෙන....... සරම දැක්ක ගමන් ලතෙත් ගෙ ඇස් දෙක ගැස්සෙනව බලාගෙන හිටපු කොල්ලා කට කොනකින් හිනා වුණේ එදා ගල් තලාව උඩට වෙලා සිංදු කියපු හොර ගායකයව හොයාගත්තු නිසා.....
YOU ARE READING
ආරාධනා...... (ongoing) Onhold
General Fictionඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න;