"සූටික්කි දැන් මොකත ඔයා කියන්නෙ ආ......""මොනවා කියන්නද...... කටවහගෙන ඉන්නවද හරක් පැටියා...."
"හෙහෙ හරක් පැටියා කියන්න එපා...... පව්නෙ...."
"ඒනම් අපේ කමල් සර් කියන්නෙ ..... තාත්තට කියන්න පුළුවන් නම් හරකා කියලා අපිට කියන්න බැරි ඇයි .... ආව් ආව්..... ඔය කොණ්ඩෙ අතාරිනවා ලකිතු .... ඔය කොණ්ඩ කටුව දෙනවා මෙහෙට....."
"මං ඔට්ටුව දින්නනෙ ..... ඉල්ලන දෙයක් දෙන්න ලෑස්ති වෙන්න හරිතේ......."
"මුලින් ම ඔය කොණ්ඩ කට්ට දෙනවා....."
"හාආආආආආආආහ්......."
හැමවෙලේම අවුස්සන ඇවිස්සෙන රණ්ඩු කෙක්කකුයි කොක්කයි දෙපැත්තෙ තියාගෙන කම්මුලේ අතත් ගහගෙන ඈත පේන කොක්කු වහලම සුදු පාට වෙච්ච ගහක් දිහා බලාගෙන කොල්ලා ආයෙමත් ඈනුමක් ඇරියෙ දහ වෙනි පාරටද මන්දා......
ඇරපු ඈනුමට හරියන්ඩ ඇස් දෙකෙත් කඳුලු පටලයක් බැඳිලා වටේම බොඳ වෙලා යද්දි ඇස් පිල්ලම් දෙකෙන් කොල්ලා ආයෙම වටාපිටාව පැහැදිලි කරගත්තා.....
වෙන මොකුත් නෙමේ එක්කෙනෙක් ඔට්ටුව දින්නට සතුටු වෙද්දි අපේ සුවසි කෙල්ල නම් කොච්චි මිරිස් කරලක් ගානට රතු වෙලා කේන්තියටම......
ක්රීඩා උත්සවේ නිවාස හතරෙන් කාගෙ නිවාසෙද දිනන්නෙ කියන එකට තමයි දැන් ඩබල ඔට්ටුවක් දාන් හිටියෙ..... ලකිතු දින්නා..... මොකද ලකුණු අටක විතර පොඩි පරතරයිකින් ලකිතුගෙ වගේම කිනිත් ගෙ නිවාසෙ සුවසිලගෙ නිවාසෙ අබිබවා ගිහින් තිබුණු නිසා.....
කිනිත ට එච්චර ගාණක් නොවුණත් නිවාස නායකකමත් හොබවපු ලකියා නම් හිටියෙ අර කරේ රත්තරං බැඳගත්තු කටුස්සට දැනුණා වගේ ෆීලින් එකකින්.....
ලැබූ ජය සමරන්න එපැයි...."මොකෝ කිනිතො ඈනුම් අරින්නෙ......"
"ඒක තමා මූ නිකම් ඉන්නෙ දාහට අරන් සත විස්සට දීලා වගේ......."
දෙන්නගෙ රණ්ඩුවට සහන කාලයක් ලැබුණෙ මරියානා ආගාදෙත් පේන තරම් ලොකුවට ආයෙම පාරක් ඈනුමක් ඇරපු කොල්ලා හින්දා....
තුන් දෙනා දැන් මේ ඉන්නෙ කොල්ලගෙ ගේ පිටිපස්සෙ තියෙන ගල් තලාවේ...... සෙනසුරාදා දවසම කලින් දවසෙ ක්රීඩා උත්සවේ මහන්සිය නිවා ගත්තු තුන් ගොල්ලො අද මේ ඇවිත් ඉන්නෙ සුරේනි ටීචගෙන් ආපු විශේෂ කැඳවීමක් නිසා.....
BẠN ĐANG ĐỌC
ආරාධනා...... (ongoing) Onhold
Tiểu Thuyết Chungඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න;