🤎දෙවන ඇරයුම🤎

185 24 1
                                    

බස් එකෙන් බැහැලා ආපු පැත්තට මූණ දාල හිටගත්තොත් දකුණු පැත්තෙ පාරෙන් ගම්පහට යන්න පුළුවන්........කෙලින් ම ගියොත් කොළඹ........කිනිත් ගෙ තේරිම නම් ඔය දෙකම නෙමේ........මොකද කොල්ලගෙ පුංචි මාළිගාව තිබ්බෙ වම් පැත්තෙන් යන රදාවාන පාරෙ......

ටිකක් ඇතුළට පයින් ඇවිදන් යන්න ඕනෙ.....මොකද වෙල් යායක් මැද්දෙ තිබ්බ බිම් කඩක තමයි කිනිත් ලා හිටියෙ......ආත්තම්මට දැන් වයස අසූවකටත් කිට්ටුයි......දවසින් දවස වේලිච්ච පොල් කොළයක් ගානට ඇට ගැහිලා රැළි වැටිලා දිරලා යන සර්වාංගෙත් දරාගෙන ආත්තම්මා අවුරුදු දහාටකට ලං වෙන්න කොල්ලව උස් මහත් කලා......

නෑයෙක් කියලා නමකට හරි හිටියෙ කොල්ලගෙ මාමා විතරක් වෙච්චි උනුත් තාම දත කන්නෙ කිනිත් ලා වැටිලා ඉන්න ගේ ඉඩම අල්ලගන්න......

කිනිත් ගෙ අප්පච්චි නැතිවෙද්දි අහිංසකයා මේ ලෝකෙ එළිය දැකලාවත් තිබ්බෙ නෑ......මී උණ හැදිලා එකතැන් වෙලා ඉඳලා තමයි අප්පච්චි මේ ලෝකෙන් ගිහින් තියෙන්නෙ......කොහොමහරි අලුත උපන් කිරිසප්පයාව ආත්තම්මට බාර දීපු විගහ කොල්ලගෙ අම්මත් අප්පච්චි පස්සෙන් වැටුණා.....

පරම්පරා ගානක් තිස්සෙ ගොවිතැන කරන් ආපු පවුලක් තමයි කොල්ලගෙ පවුල.......කොල්ලට කන්ඩ අදින්ඩ දෙන්ඩ ආත්තම්මා පුළු පුළුවන් විදිහට අඳේට කුඹුරු කෙරෙව්වා.......ඒත් පස්සෙන් පහු ඇති වෙච්චි අඟ හිඟකම් හින්දත් අත්තම්මා එන්න එන්නම දුර්වල වෙච්චි හින්දත් සල්ලි අතට ගන්ඩ තිබිච්ච එකම ක්‍රමේ උනේ යායට තිබ්බ කුඹුරු අක්කර ගාන එක පුංචි කොටසක් විතරක් ඉතුරු වෙන්ඩ විකුණන්න සිද්ද වෙච්ච එක.....

ඒවා ගත්තෙත් වෙන කවුරුත් නෙමේ......කොල්ලගෙ මාමා...... කුණුකොල්ලෙට.......

ආත්තම්මට ඕනෙ කොල්ලට උගන්නන්ඩ......ඒ කරලා උන්දගෙ ඇහැ පියවෙන්ඩ කලියෙන් කොල්ලා යම්කිසි ස්ථාවරේකට එනවා දකින්ඩ......

කොල්ල කොච්චර නම් අඩව් ඇල්ලුවත් ඉස්කෝලෙ ගමන නවත්තන්ඩ විශ්‍රාම ගිය ඉස්කෝලෙ හාමිනෙ කෙනෙක් වෙච්ච ආත්තම්මා නෙමෙ ඒකට ඉඩදුන්නෙ...... උන්දැ දන්නවා ඉගෙනීමෙ වටිනාකම......

කොල්ලා ඉස්කෝලෙ ඇරිලා ඇවිත් වෙලෙන් මිදුලට ගොඩ වෙද්දි ආත්තම්මා ගේ ඉස්සරහ මාගලක් දාගෙන වී වේලනවා......කොච්චර අඩුපාඩු කම් තිබ්බත් කන බොන දේ අඩුපාඩුවක් නොවුනෙ කුඹුරු කෑල්ලෙන් යල මහ කන්න දෙකම මහන්සි වෙලා ගන්න වී බුසල් කීපෙයි වත්ත ඇතුලෙ රූස්සෙට හැදිලා ඉන්න පොල් ගස් කොස් ගස් වලින් හම්බෙන ඵලදාවයි අත්තම්මටයි කොල්ලටයි හොඳටම ඇති නිසා.....

ආරාධනා...... (ongoing) OnholdWo Geschichten leben. Entdecke jetzt