09 කොටස

1.3K 180 15
                                    

"සපු බෙබි ලස්සන වෙලා......"

ඇහුන කට හඩත් එක්ක හිනා වෙලා පිටි පස්ස හැරුන මම එ මුන අල්ලන් මිරිකන්න ගත්තේ එයාත් හයියෙන් හිනා වෙද්දි. චුට්‍ටි කුසුමාම්මාගෙ නංගෙ දුව තාම අවුරුදු පහයි එයාට කුසුමාම්මා බලන්න ඉස්සර නිතරම වලව්වට ආවම මාත් එක්කමයි ඉන්නේ. අද මේ ඇවිත් තියෙන්නේ හුග කාලෙකිම්.

"චුට්ටි කොයි වෙලේද ආවේ......"

"දැන් ටිකක් වෙලා සපු බෙබි..... කුසුමා නැන්දි කිව්වා ඔයා බිලිං කඩන්න වත්ත පහලට ආවා කියලා....."

"ඉතින් දැන් ඔයා මේ තනියමද මාව හොයන් ආවේ ආ......"

"හි හි ඔව්නේ......."

"දෙන්න තියෙන්නෙ ගුටි දෙකක්......"

චුට්ටිට බොරුවට සැර කරපු මම බිලිං කුඩෙත් අරන් චුට්ටිගේ අතිනුත් අල්ලන් වලව්ව පැත්තට ආවා. මම යද්දි කුසුමාම්මාගෙ නංගී පිලේ බංකුවකට වෙලා කුසුමාම්මා එක්ක කතා කර කර තේ බොනවා.

"මෙයාලට කප් කෙක් දුන්නෙ නැද්ද කුසුමාම්මා....."

"අනේ මම සපු බෙබි නැතුව ඔවා අත ගාන්න ගියේ නැ ඉතින්....."

"ඔයාටනම් පිස්සු කුසුමාම්මේ...... චුට්ටි ඔයා අම්මි ලග ඉදන් ඉන්නකෝ සපු බෙබි ඔයාට කන්න බඩ්ඩක් අරන් එන්නම්......"

මම එහෙම කිව්වම චුට්ටි ගිහින් බංකුව උඩ එයාගෙ අම්මා ලග ඉද ගත්තම කුස්සියට ගිහින් බිලිං කුඩෙ අරන් තියලා ප්ලාස්ටික් කොප්පයක් ගත්ත මන් චුට්ටිට කිරි එක්කුත් හදන් කප් කෙක් දෙක්කුත් අරන් එලියට ගියා

"අහ් චුට්ටි......"

චුට්ටිගෙ අතට කප් කෙක් එක දුන්න මම එ ලගම බංකුව උඩ තේ කොප්පෙ තියලා කුසුමාම්මාගෙ නංගී සිගිති නැන්දා අතටත් කප් කෙක් එකක් දිලා කුස්සියේ බිත්තියට හෙත්තු උනා

"චුට්ටි ස්කොලෙ දැම්මෙ නැද්ද සිගිති......"

"දැම්මා සපු බෙබි...... දැන් නිවාඩු නිසා ස්කොල නැනේ....."

"ම්ම්ම්ම් එකත් ඇත්ත..... යන්න කලින් මට කියලා යන්නකෝ..... මම චුට්ටි ආවම දෙන්න කතන්දර පොත් වගයක් එහෙම අරන් තියලා තිබ්බා......"

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now