15 කොටස

1.2K 165 20
                                    

එ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවෙයි සුදු බෙබි එකත් ස්කොලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් විදිහට. එහෙම වෙන්නෙ කොහොමද එයා අපි එද්දිත් හිටියේ එපාර්මන්ට් එකෙනේ. කලිසම් සාක්කු දෙකට අත් දෙක දා ගත්ත සුදු බෙබි අපි පැත්තට එන්න ගත්තේ මම එයාගෙන් වෙන කෙනෙක්ව දකිනවා වගෙ එයා දිහා බලන් ඉද්දි. වලව්වේදි මාත් එක්ක හුරතල් වෙලා කතා කරපු සුදු බෙබි නෙවෙයි මෙතන ඉන්නෙ තනිකරම වෙනස් කෙනෙක්.

"ආරද් තමුසෙ....."

පංතිය ඇතුලට ආව සුදු බෙබි හසිත් බෙබි ඉස්සරහා කට කොනේ අමුතු හිනාවක් දාන් හිට ගත්තේ මමත් සුදු බෙබි දිහා ඇස් ලොකු කරන් බලන් ඉද්දි.

"දැන් මොකක්ද තමුසෙලාට තියෙන සබ්ජෙක්ට් එක...."

සුදු බෙබි පංතියේ හැමොම ලගට ඇස් අරන් ගිහින් වටෙම බලන ගමන් ඇහුවේ පංතියේ එකෙක්වත් මික් නොගා ඔහේ ඉද්දි.

"කන් ඇහෙන්නෙ නැද්ද උබලට...... කෝ ක්ලාස් මොනිටර් නැගිටපන්......"

සුදු බෙබි අපි ලගින් ආයෙත් ඉස්සරහට ගිහින් බ්ලැක් බොර්ඩ් එක ලග හිට ගත්තේ ක්ලාස් එකෙ මොනිටර්ද කොහෙද ඉදන් හිටිය තැනින් නැගිටිද්දි.

"අහ් උබද මොනිටර්..... දැන් මොකක්ද තියෙන සබ්ජෙක්ට් එක......"

"බු... බුද්ධාගම අයියේ......"

"මම ඉස්සල්ලා අහද්දි උබට කට තිබ්බෙ නැද්ද උත්තර දෙන්න ආහ්......"

සුදු බෙබි එ කොල්ලගෙ ඩෙස් එක ලගට ගිහින් හිට ගෙන ඇහුවේ එ කොල්ලා බය වෙලා බිම බලා ගද්දි. එ කොල්ලා බය නොවි තියෙයි ඇයි හැමදාම සුදු බෙබිව දැක්ක මේ මාත් බය වෙලා ඉන්නකොට.

"එතකොට මේ බුද්ධාගම සර් වෙන්න ඇති උගන්වන්න ඇවිත් තියෙන්නෙ......"

හසිත් බෙබි ඉස්සරහට ආයෙත් ආව සුදු බෙබි හසිත් බෙබිව පෙන්නලා පංතියේ හැමොම දිහා බලන ගමන් ඇහුවේ පංතියේ ළමයි බිම බලන්ම ඉද්දි.  හසිත් බෙබිගේ අත් මිට මොල වෙලා හකු තද වෙලා දත් මිටි කද්දි සුදු බෙබි හසිත් බෙබි දිහා බලන් හිටිය නොන්ඩියට හිනා වෙලා.

"උබ මොකද දහය වසරේ පංති අස්සෙ කරන්නේ......"

"ඇයි මට එන්න බැරිද....."

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now