"එහෙනම් ඔයා ආවා හෙශ්....."
මම එහෙම කිව්වම එයා මගෙ ඇස් දෙකෙන් අත් අරන් මගෙ මුනට එබිලා හිනා උනේ මමත් එයා එක්ක හිනා වෙද්දි. එයාගෙ බෙල්ල වටේ අත් යවලා මම එයාව පහලට නවා ගත්තේ එයත් පහසුවෙන් නැවිලා මගෙ තොල් එයාගෙ තොල් වලින් අල්ල ගද්දි. පුංචි සිප ගැනිමකට පස්සෙ මගෙ තොල් වලින් ඇත් උන එයා චුටි පෙක් එකක් තියලා මගෙ ඉස්සරහට ඇවිදගෙන ආවා.
මම එයාව දකින්නෙ හුග කාලෙනින් නිසාත් ඇදන් ඉන්න සුදු පාට හුඩ් එකයි කලු ට්රව්සර් එකයි නිසා එයා තවත් ලස්සන වෙලාද කියලා මට හිතුනා.
"මොකො මන් දිහා ඔහොම බලන්නෙ....."
"නැ මේ මන් බැලුවේ හෙට අනිද්දි තිහක් වෙලා නාකි වෙන්න ඉන්න මනුස්සායා තව තරුණ වෙනවද කියලා....."
"නාකි?..... කවුද නාකි ආ....."
"ආව්ව් සුදු බෙබි......"
සුදු බෙබි මගෙ ලගට ඇවිදින් ඉදගෙන මගෙ කන එයාගෙ දත් වලින් හැපුවේ මම කැ ගහද්දි. එයා දැන් අකමැතිම වචනේ නාකි කියන එක. ඔක ඉතින් එයාට එපා උනේම මම කියවලාම තාම. මොකද ඉතින් ඉතින් හෙට අනිද්දට තිහ ලබනවනේ. ඒ නිසා හරිනම් දැන් කරකාර බැදලා ළමයෙකුත් ඉන්න ඔනි වයසනේ මන් කියන්නෙ.
"අද කොහෙද මගෙ බබාට යන්න ඔනි......"
"ම්ම්ම්..... අපි දැන් මෙතන ඉදලා දවල්ට කලා එහෙම ටිකක් ඇවිදලා හවසට LACMA එකට යමු......"
"නැන්දි කලබල වෙන එකක් නැද්ද....."
"නැහැ මම අද පාර්ටියකට යන්නෙ කියලා එයාට කියලා ආවේ....."
"හ්ම්ම්......"
සුදු බෙබි බර හුස්මක් අත් ඇරලා ඉස්සරහා බලා ගත්තේ මම එයාගෙ අත මගෙ අතේ පටල ගනිද්දි.
"ඔයා හිතන්නෙ අම්මා ගැනද සුදු බෙබි......"
"ම්ම්ම් ඔව්..... මට බයයි සපු...... මෙහෙම හොරෙන් හරි ඔයා එක්ක ඉන්න ලැබෙන එක සහනයක් උනත්..... දවසක මෙ දේත් නැන්දි දැනගෙන මගෙන් ඔයාව ඇත් කරයි කියලා බයයි...... මට අදටත් මතක් වෙනවා සපු එදා ඔයා එයාව අපෙන් දුරස් කරලා අරන් ආව විදිහ....."
සුදු බෙබි එහෙම කියනකොට මටත් බර හුස්මක් පිට වුනා. මොකද අම්මා සියාපප්පලාට වගෙම ලංකාවෙ හැමොම එක්ක තරහින් ඉන්නෙ. ටිකක් හරි හොදින් කතා බහ කරලා ඉන්නෙ හසිත් බෙබිගෙ අම්මලා එක්ක විතරයි එයා.
YOU ARE READING
සපූ 🌼 Yizhan | Nonfiction (Completed)
Fanfictionඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫