අංකල් එක්ක කාමරෙට ආව මම එයා දොර වහන්න කිව්ව නිසා දොරත් වහලා එයාට මගෙ පොත් මෙසෙ තියෙන පුටුව ඇදලා ඉද ගන්න දුන්නා. එයා හිනා වෙලා ඉද ගත්තම මමත් එයා ඉස්සරහා ඇදෙන් ඉද ගත්තා. ටිකක් වෙලා මන් දිහා බලන් හිටිය එයා හුස්මක් අත් ඇරියේ ලොකු කතාවක ආරම්භයක් පටන් ගන්න වගේ. මම දන්නවා එයා ඔය කියන්න ලැස්ති මගෙ අම්මගෙ කතාව කියලා.
"ඔයත් හරියට එයා වගෙමයි දරුවෝ...... පබාගේ මුනමයි ඔයාට තියෙන්නෙ...... හරියටම කිව්වොත් මීට අවුරුදු විසි එකකට කලින් මම රශිපබාව මුලදිම දැක්ක දවසේ විදිහමයි ඔයා...... අහිංසක ආදරණිය පෙනුමක්..... එත් දැන් ඉන්න රශිපබා ලග මේ පෙනුම නැ දරුවෝ...... එයා සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා...... හරිම විදිහට කිව්වොත් හැමෝම එකතු වෙලා එයාව වෙනස් කරා......!
"ඒ කියන්නෙ අංකල් මගෙ අම්මව දන්නෙ මන් එයා ලගට එන්නත් කලින් ඉදලද......"
"ම්ම්ම් ඔව්...... කොටින්ම කිව්වොත් ඔයාගෙ අම්මයි මායි ආදරෙ කරා......"
අවුරුදු විසි එකකට පෙර
"රශි..... උබ ට්රිප් එක යන්න ශුවර්ම එනවා නෙද......"
"බලමු සමදරා..... අයියා මොනා කියයිද දන්නෙ නැ මන් යන්න ඇහුවොත්.... දන්නවනේ එයාගෙ හැටි......."
"අපෝ ඔව් ඔව්......"
කැම්පස් ලෙක්චර් අවසන් වී බස් එක එන තුරු හොල්ට් එකට වී යෙහෙලියන් තිදෙනා සිනා වෙමින් කතා කර කර සිටියේ අහල පහල කොල්ලන්ගෙ බැල්මද ඔවුන් වෙතට ඇද ගනිමින්. මේ අතර වැඩිපුරම කොලු හිත ඇලුම් කරෙ දනිහට වඩා දිග මහත කොන්ඩය තනි කරලට ගොතා ගනිමින් හිනි පටි අත් සහිත සූර්ය කාන්ත මල් වැටුන සුදු ගව්මක් ඇද සිටි රශිපබා වෙතටයි.
"ආන් උබේ මනමාල කුරුල්ලා එනවා......"
එසෙ පැවසු මදුමි, සමදරා සමග රශිපබා ලගින් ඈත් වී පසෙකට වී සිට ගත් විට. නිල් කලිසමට රතු පැහැති අත් කොට ටි ශර්ට් එකක් ඇදි තරුණයෙක් ඇ අසලට ලන් විය.
"මොනවද ඔයාගෙ යාලුවො කියන්නෙ......"
"අහ් එයලා මේ විහිලු කරනවා අනේ...... ඔයාට ලෙක් ඉවරද....."
YOU ARE READING
සපූ 🌼 Yizhan | Nonfiction (Completed)
Fanfictionඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫